මෙම මස 30 වන දාට පෙර තවමත් නොගෙවා සිටින හිග බදු නොගෙවන්නේ නම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තුමේන්තුව දැනුම් දීමක් සිදු කර ඇත.
එකතු කල අගය මත බදු මුදල් වන රුපියල් බිලියන 3.5 ක මුදල නොගෙවීම හේතුවෙන් මේ වන විටත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර තිබේ.
ඊට අදාළ බදු ගෙවීම පැහැර හැරීම නිසා මේ වන විටත් අර්ජුන ඇලෝසියස් සහ තවත් දෙදෙනෙකුට මාස හයක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමක් සිදු කර තිබේ.