2024 මහ මැතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන වල ආරක්ෂාව සදහා ආරක්ෂක නිලධාරීන් 70 000 පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි.
එමෙන්ම ස්වභාවික ආපදාවක් සිදු වුවහොත් ඒ සදහා ද ක්ෂණිකව කටයුතු කිරීම වෙනුවෙන් නාවික හමුදාව සහ ගුවන් හමුදාව සුදානමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
අද දින උදෑසන 6 සිට දිවයිනපුරා ජංගම සංචාර 3109ක් ක්‍රියාත්මක කර තිබේ. ඒ වගේම සියලුම ඡන්ද මධ්‍යස්ථාන වලට අදාළ පොලිස් නිලධාරීන් 27000කට ආසන්න ප්‍රමාණයක් එක් ඡන්ද මධ්‍යස්ථානයකට දෙදෙනා බැගින් යොමු කර තිබේ.
සවස 4 දක්වා ඡන්ද මධ්‍යස්ථාන වල චන්දය ප්‍රකාශ කිරීම සිදු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි. ඔබ ඡන්දය ප්‍රකාශ කරන්න යන විට අනිවාර්යෙන් ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීමට අදාළ ඔබේ ජාතික හැදුනුම්පත රැගෙන යන ලෙස ද එතුමා ඉල්ලීමක් සිදු කළා.
රෝගී පුද්ගලයෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට සිටිනවා නම් වාහනයකින් ගමන් කිරීමට තේරීම් භාර නිලධාරියාගෙන් හෝ සහකාර කොමසාරිස් වරයාගෙන් අදාල අවසරය ලබා ගත යුතු බව පැවසේ.
බස් රථ වලින් ඡන්ද දායකයන් රැගෙන ඒමට අවසර නොදෙන බවත් පැවසේ. බුද්ධි නිලධාරීන් දිවයින පුරා ක්‍රියාත්මක වන බවත් එතුමා පැවසුවා. මෙහෙයුම් මැදිරිය හරහා , ඩ්‍රෝන කැමරා හරහා සහ ජංගම සංචාර හරහා පරීක්ෂාවන් සිදු වන බවත් පැවසේ.