හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අයතා ලෙස උපයා ඇති වත්කම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා අල්ලස , දුෂණය , නාස්තියට එරහි පුරවැසි බලය විසින් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එම අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමින් එහි සභාපති ජාමුනි කමන්ත මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.
දූෂණ චෝදනා එල්ල වෙච්ච නිමල් සිරිපාලද සිල්වා මහත්මාගේ අයතා දේපළ ලියවිච්ච තැන් අපට විස්තරාත්මකව එවලා තිබෙනවා. නිරූපමා රාජපක්ෂ තිරුකුමාර් නඩේෂන්ගේ විදේශ සමාගමක තිබෙනවා කියල තියෙනවා .
ඒවගේම නිමල් සිරිපාල මන්ත්‍රීවරයාගේ පෙම්වතියක් ඉදල තිබෙනවා . බදුල්ල රෝහලේ සිට කොළඹට පැමිණිය වෛද්‍යවරියක් . මේ වෛද්‍යවරියගේ නමට සුපෝපභෝගී ජීප් රථ දෙකක් , කැබ් එකක් , සුවිසල් නිවාස වල තට්ටු නිවාස වල නිවාස දේපල වත්කම් රාශියක් තිබෙන බවයි ඔහු ප්‍රකාශ කලේ .