පරාජයට පත් වූ ඇතැම් කණ්ඩායම් උත්සාහ කළොත් ජාතිවාදය මේ රට තුළ නැවත අවුස්සගෙන තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් ජාතිවාදය සහ ජනතාව බෙදන්න ඒ ගන්න සියලුම උත්සාහය අපි පරාජය කරන්න ගතයුතු සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව අපි තරයේ කියා සිටින බව හරිනි අමරසූරිය පවසයි.
එක ජාතික ලැයිස්තුවක් හිමිවුන අවස්ථාවෙත් කිසිම අර්බුදයක් නැතුව අපි ඒ එක්කෙනාව නම් කළා. ඒ මාව 2020. දහ අටදෙනා නම් කළෙත් කිසිම අර්බුදයක් නැතුව. නමුත් ඔබ අද දකිනවා මේ පාර්ලිමේන්තුව තුළ 225 නෑ.
අඩුම තරමේ ඒකවත් අර්බුදයක් නැතුව පත්කරගන්න බැරි දේශපාලන පක්ෂ ඉන්නවා.ජනාධිපතිතුමා අඩුම කොළ කෑල්ලක්වත් නැතුව ඒ කතාව කලේ.විපක්ෂය අපි සියලු දෙනාටම කියන්නේ අපි එකතුවෙලා වැඩ කරමු ලෙස හරිනි අමරසූරිය ඉල්ලීමක් කළා .
ඊට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවා.
ලැයිස්තු පිරවීමට ඔබතුමියට තිබෙන කැක්කුම ගංවතුරෙන් විපතට පත් වූ ජනතාව කෙරෙහිත් යොමු කරන්න. අපිට අහන්නට ලැබුණා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහමුලින්ම ඉවත් කරනවා කියලා. නමුත් මේ වන විටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගීරගෙන භාෂණ නිදහස මාධ්‍ය නිදහස පුරවැසි නිදහස අහිමි කර තිබෙනවා.
ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන මාධ්‍ය දඩයමක නිරතවීම සාධාරණද. සමාජ මාධ්‍ය ශ්‍රේෂ්ත්‍රයේ විශාල සහයෝගයක් ඔබට ලැබුණා. මේ මර්දනය නතර කරන්න.
සංවර්ධන නිලධාරින් විශාල ප්‍රමාණයක් අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලා තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරන්න කටයුතු කළා.පහකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.
අපි ඇහැව්වා වේදිකාවක් වේදිකාවක් පාසා කිසිම දවසකට රටින් සහල් ගේන්නේ නෑ කියලා. නමුත් සහල් ආනයනය කිරීමේ ක්‍රියාවලිය මේ රජය ආරම්භ කරලා තිබෙනවා. තෙල් මිල සූත්‍රය පිළිගන්නේ නැහැ කියලා කිව්වා .
ජනවරමෙන් බලයට ආපු වහාම මිල සූත්‍රයේ පසක දමලා මිල පහළ දමන්නට කටයුතු කරනවා කියලා කිව්වා .අයි.එම්එෆ් ගිවිසුම වෙනස් කරනවා කිව්වා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ක්‍රියාත්මක කරපු ක්‍රමවේදයටම ඉදිරියට කර ගෙන යන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා.