සුනිල් හදුන්නෙත්ති හඳුන්වා දුන් ඇප නැති ණය

සුනිල් හදුන්නෙත්ති හඳුන්වා දුන් ඇප නැති ණය

සුනිල් හදුන්නෙත්ති – අපේ රටේ ව්‍යවසායකයින් නැගිට්ටෙ හැමදාම තමන්ගෙම ශක්තියෙන්. විවිධ දුෂ්කරතා මැද්දේ. ඔවුන්ට දිරි දෙන්න වේගයෙන් ඉස්සරහට යන්න සංවර්ධන බැංකුවක් තිබුන් නෑ. ඒ නිසා අපේ බලාපොරොත්තුවක් තිබුණා සංවර්ධන බැංකුවක් නිර්මාණය කරන්න. ඒ කටයුත්ත දැනටමත් ආරම්භ කරපු බැංකුවක් තමයි ප්‍රාදේශීය සංවර්ධන බැංකුව. ඒ නිසා තමයි මම සාමාන්‍යාධිකාරතුමා කිවුවා වගේ අපි ඒක හදුනගත්තේ. අපේ අමාත්‍යාංශයේ අරමුණයි ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ අරමුණයි සමානයි. අපිට ඕන මොකද්ද? අපේරටේ අලුත් ව්‍යවසායකයෝ කර්මාන්තකරුවො බිහි කිරීම. අපේ ඉලක්කය නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම. හැබැයි ඒ නිෂ්පාදන ආර්ථිකයේ පදනම වෙන්න ඕන ඡන සහභාගීත්වය. දෙතුන් දෙනෙක් අතේ ආර්ථිකය තිබිලා රට සංවර්ධනය වෙන්නේ නෑ. ප්‍රතිලාභ ඡනතාවට බෙදිලා යන්න ඕන. සාධාරණ ලෙස ප්‍රතිලාභ ඡනතාවට බෙදිලා යන ඡන සහභාගීත්ව ආර්ථිකයක් තමයි අපේ මූලික අරමුණ. එතකොට අපිට අඩුවක් තිබ්බ තැන තමයි මූල්‍ය ප්‍රශ්නය. මොකද හුග දෙනෙක් අපිට ඇවිල්ලා කියන්නේ ඇප තියන්න සල්ලි නෑ. ඇප තියන්න දේපළ නෑ. ඇපවලට අත්සන් කරන්න කෙනෙක් නෑ. දැන් අපි ඊළග පියවර තියනවා ඒක නිසා. අපේ ව්‍යවසායකයින් දියුණු කරන්න ඇප නැතුව, අමාත්‍යාංශය ඇප වෙලා ඔවුන්ගේ හැකියාව ඇපයට තියලා දක්ෂතාවය ඇපයට තියලා මේ තියෙන මූල්‍ය අපහසුතාවය පරාඡය කරගෙන ඉස්සරහට යන්න පුළුවන් සංවර්ධන බැංකු අරමුදලක්. අපි ඒ වෙනුවෙන් දැන් රාඡ්‍ය බැංකු සියල්ලත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. අපි විශ්වාස කරනවා රාඡ්‍ය බැංකු විතරක් නෙවෙයි පෞද්ගලික අංශයේ බැංකුත් මේකට සම්බන්ධ කරගන්න. අපි අවම වශයෙන් බිලියන 50 න් අපි මේ අරමුදල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.”

සුනිල් හදුන්නෙත්ති – කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *