සුනාමි අඳුරු මතකයට හෙටට වසර 20යි

සුනාමි

2024 සුනාමි වියසනය සිහිපත් කරමින් ජාතික සුරක්ෂිත දිනය අදට (26) යෙදී තිබෙනවා. ඒ අනුව සුනාමි රළ පහරට බිලි වූවන් සිහිපත් කරමින් අද (26) පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරනු ලබනවා.

2024 දෙසැම්බර් 26 වන දා එදින නත්තලේ මිහිරත් උදුවප් පොහෝදා පිංබරත් එකට මුසු වූ ඉරිදාවක්. කිතුණුවන් නත්තලේ අසිරිය විදිද්දී බෞද්ධ ජනතාව උදුවප් පුන් පොහෝ දින ආගමික වතාවත් වල නිරත වෙමින් සිටියේ නව වසරේ අපේක්ෂාද පෙරදැරි කර ගනිමින්.

කෙසේ වෙතත් ඒ කිසිවෙකුටත් නොදැනෙන්නට ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ ගැඹුරු මුහුදු පතුලේ දැවැන්ත භූකම්පනයක් හට ගෙන තිබුනා. ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 7.58 ට පමණ සිදු වූ එම භූකම්පනය රික්ටර් මාපක අංක 9.3 ලෙස සටහන්ව තිබුනා.

මේ භූකම්පනයෙන් ඇති වූ උදම් රළ මෙරට උතුරු සහ නැගෙනහිර වෙරළ ප්‍රදේශ ආක්‍රමණය කරමින් මෙරටට කඩා වැටුනේ පෙ .ව. 8.50 ට පමණය. රුදුරු ජල රලෙන් තම ජීවිත බේරාගැනීමට ජනතාව හිස්ලූලූ අත දිව යද්දී පෙ.ව. 9.25 ට පමණ උතුරු සහ නැගෙනහිර වෙරළ ප්‍රදේශ ආක්‍රමණය කළා.

ඒ වන විට සුනාමි කියන වචනය ගැන අවබෝධයක් නොතිබූ මෙරට ජනතාව මෙම අනතුර හැදින්වුයේ මුහුද ගොඩ ගැලීමක් ලෙසයි. මෙම සුනාමියෙන් ලොව 200 32 000 ක පමණ ප්‍රමාණයකට දිවි අහිමිවෙද්දී අපේ රටට අහිමි වූ මිනිස් ජීවිත ගණන 35 322 ලෙස වාර්තා වනවා. මීට අමතරව 5000ට ආසන්න පිරිසක් අතුරුදහන්ව තිබුනා.

සුනාමි ඛේදවාචකයට අදාළව පැරෑළිය දුම්රිය ඛේදවාචකය , ගාල්ල බස් නැවතුම් පොළේ පොර බැදු තරුණියන් පමණක් නොව මව අතින් අත ඇරී යලි මව අතට ආ බේබි81 කතා පුවත ද අදටත් සංවේදී පුවතක් ලෙස මතකයන් අලුත් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *