සියලු දෙනාම වෘත්තිය සමිති වශයෙන් සූදානම් වෙනවා

සියලු දෙනාම වෘත්තිය සමිති වශයෙන් සූදානම් වෙනවා

“වර්තමාන රඡය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය මේ කැබිනට් තීන්දු හා කමිටු තීන්දු සියල්ලට පටහැනිව මේ සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම අත්හිටුවලා හා එහි අඩංගු කරුණු උල්ලංඝනය කරමින් සේවා තනතුරු මාරු කිරීම් හා අනෙකුත් සියලු දේ සිද්ධ වෙනවා. මේ තුළින් සමස්ථ ශ්‍රී ලංගමය අවුරුදු 66 කට පෙර තත්වයට පරිවර්තනය වෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉන්න  කට්ටිය ගහලා පන්නලා තව කට්ටියක් ඇවිත් තනතුරුවල වාඩි වෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේක රඡයට හොදත් නෑ. ලංගමයට හොදත් නෑ. රටට හොදත් නෑ. ඒ නිසා ඔවුන් සියලු දෙනාම වෘත්තිය සමිති වශයෙන් සූදානම් වෙනවා මේ සඳහා නිසි පියවර අරන් පසුගිය රඡයේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ සේවා ව්‍යවස්ථාව හා අන්තර්ග්‍රහණ ක්‍රියාවලිය එලෙසම පවත්වාගෙන යාමටත්, ඒ සඳහා රඡය මැදිහත් වෙන්නේ නැත්තන් දීප ව්‍යාප්ත වර්ඡනයක් කරන්නත්, අධිකරණමය ක්‍රියාමාර්ගවලට යන්නත් කටයුතු කරමින් තියෙනවා. අපි ඔවුන්ට උපදෙස් දීලා තියෙනවා ප්‍රථමයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්න කියලා..”

ආචාර්ය බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන හා මහාමාර්ග හිටපු අමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *