සාගල කාරියවසම් මාලිමාව දෙවනත් කරයි

සාගල කාරියවසම්

සාගල කාරියවසම් මහතා මෙලෙස අදහස් දැක්වීය …

අනිවාර්යයෙන් ඔවුන්ගේ කෙනෙක් විශල කොමිස් මුදලක් ලබා ගන්නවා . එහෙම නැති නම් අනුර කුමාර වික්‍රමසිංහ ප්‍රමුඛ රජය ජනතාව ගෙන් සමාව ගන්න ඔනි. සමාව අරගෙන කියන්න ඔනි අපි ඔබට බොරු කිව්වා . බොරු කියලා ජන්දය ලබා ගත්තා කියල. එහෙම නැතිනම් ඔවුන්ගේ කැබිනට් එකේ කවුද මේ කොමිස් මුදල ගන්නෙ කියන පුද්ගලයා අල්ලා ගෙන ඔවුන්ව ජනතාව ඉදිරියට පමුණුවන්න ඔනි බව සාගල කාරියවසම් පවසයි .

ඉතින් මේක කරන්න බැරි දෙයක් කියන එක නෙවෙයි අපි කියන්නේ . ඔවුන් තමයි කිවේ මේක කරන්න පුළුවන් දෙකක් කියලා. කරන්න පුළුවන් දෙයක් කියලා කියපු අය ඒක කරල පෙන්නන්න. එහෙම නැනැතිනම් බොරු කිව්වා කියලා ජනතාවගෙන් සමාව ගන්න . ඒක තමයි තියෙන එකම විකල්පෙ . ඔවුන් දැන් උගන්ඩාවේ වැඩේට ඒ කියපු එක් අයෙක් විතරක් සමාව ගත්ත බව සාගල කාරියවසම් පවසයි .

හැබැයි අනුර කුමාර වික්‍රමසිංහ ජනාධිපතිතුමා එහෙම සමාව ගැනීමක් කරේ නැහැ. ඔහුත් ඒ බව කීව. ඔහු මේ වන තෙක් සමාව ගැනීමක් කලේ නැහැ . කාන්තා නීතිඥවරියක් ඇය තම වෘත්තීය ගරුත්වය රැක ගන්න දෝ ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් කරා . ජනතාවට පාපොච්චාරණයක් කරා දැනුවත්ව බොරු කීවේ කියලා.

නමුත් මේ තෙල් සම්බන්ධ කාරණය මං හිතන්නේ මේ රටේ ජනතාව ඔබතුමන්ලාට ඡන්දය ලබා දුන්නේ මේ රටේ ඉන්න v8 වලින් යන එහෙම නැත්නම් බෙන්ස් කාර් වලින් යන අනූ පහේ පෙට්‍රල් ගහන ජනතාව නෙමෙයි. මෝටර් සයිකල් වලින් ත්‍රිවිල් වලින් යන දුප්පත් අහිංසක ජනතාව තමයි එක මිටට කියලා ඔබතුමාට ඡන්දය දුන් බව සාගල කාරියවසම් පවසයි .

ඉතින් අනුර කුමාර වික්‍රමසිංහ ජනාධිපතිතුමනි ඔවුන්ට බොරුවක් කරලා පෙට්‍රල් මිල අඩු කරනවා කියලා. රුපියල් පනහට පෙට්‍රල් ලීටර් දෙනවා කියලා බොරු කියලා . ඔබල ඡන්දය ගත්ත නම් පළමුවෙන් ජනතාවගෙන් සමාව ඉල්ලන්න. ඒක තමයි කරන්න ඕන පළමුවැනි දේ. එහෙම නැති නම් ඔබලා පෙන්වන්න ඔබලාගේ කැබිනට්ටුවේ කොමිස් මුදල ගන්න ඇමතිවරයා කවුද කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *