මේ වෙද්දි සමඟි ඡන සංධානය තුළ සිටි දිගම්බරම් මහතා ප්‍රකාශ කරල තියෙනවා ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී ඔවුන් වෙනම ඉල්ලනවා කියලා. මේක යම් සිග්නල් එකක් නේද සමඟි ඡනබලවේගයට.. යම් ගැටුමක් ද මේ තියෙන්නේ? මොකද්ද? දිගම්බරම් මහතා නියෝඡනය කරන මනෝ ගනේෂන් මහතා, රාධා ක්‍රිෂ්ණන් මහතා නියෝඡනය කරන ඔවුන්ගේ ද්‍රවිඩ දේශපාලන ව්‍යාපාරය පමනක් නොවෙයි අනිත් අයත් මේක ගැන කතා කරනවා. ඇත්තටම සමගි ඡනබලවේගය සමග එකට හිටපු දේශපාලන පක්ෂ අපි මුලින් එකට තියාගන්න ඕන. ඒ අය අතර අවබෝධය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම්, මතිමතාන්තර තිබෙනවා නම් ඒවා සාකච්ඡා කරලා එකඟතාවයක් ඇති කරගෙන අපි එකට වැඩ නොකලොත් අනාගතේ අපිට මේ NPP එකේ අභියෝගය වෙනුවට අපේම කණ්ඩායම් එක්ක තරඟකාරීත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක එච්චර හොද දෙයක් නෙවෙයි. ඒ නිසා අපි දකිනවා මෙන්න මේක අසුබවාදි දෙයක්. අසුබවාදි ආරම්භයක්. සමගි ඡනබලවේගය හැටියට මේවා ගැන කතා කරන්න ඕන. ඉතිං කණාගාටුදායක කාරණාව තමයි තාමත් මේවා ගැන අවධානයක් යොමු කිරිම හරිම අඩුයි .”
තිස්ස අත්තනායක – ඡාතික සංවිධානය – සමගි ඡනබලවේගය