සංචාරක කර්මාන්තය නගා සිටු වීමට සජිත් පෙරට

සංචාරක කර්මාන්තය

සංචාරක කර්මාන්තය අපේ රටට දියුණුවන්නට පුළුවන් වේගවත් ලෙස ඉදිරියට යන්නට පුළුවන් වැදගත්ම ක්ෂේත්‍රයක්. හැබැයි මේ ක්ෂේත්‍රය තුළ අපි අභියෝග රැසක් ජයග්‍රහණය කරන්නට අවශ්‍යයි.

අපිට අවස්ථාව තිබෙනවා අපේ රට මයිස් ඩෙස්ක්‍රීනේ එකක් හැටියට විශේෂයෙන්ම සම්මන්ත්‍රණ පුහුණු කටයුතු විවිධ අවස්ථා ප්‍රවර්ධනය කරන මධ්‍යස්ථාන බවට ඉදිරියට ඒ වැඩපිළිවෙලට අපි ශක්තිය ලබා දෙන්නට.

අපේ රටේ ඒ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා තවත් විශාල ප්‍රමාණයක් හෝටල් කාමරවල අවශ්‍යතා තිබෙන ඒ අවශ්‍යතාවය සපුරාලන්නට සංචාරක කර්මාන්තයට ලබා දිය යුතු උපරිම ශක්තිය රාජ්‍ය මැදිහත්වීම තුළ ඒ වගේම අපි සියලු දෙනාගේම ශක්තිය තුළ ඒ හයිය ලබා දෙමින් දේශීය විදේශීය ආයෝජනය ප්‍රවර්ධනය කරමින් අපි ඉදිරියට යා යුතුව තිබෙනවා.

සංචාරක ක්ෂේත්‍රයේ උසස් සේවාවක් ලබාදීම සඳහා හොඳ පුහුණුවක් ලබපු ක්ෂම කුසලතාවෙන් සපිරි සේවක පරපුරක් නිර්මාණය කරන්නට රට මුහුණ දුන්නු ඛේදවාචකයන් හමුවේ ත්‍රිත්ව ඛේදවාචකය පාස්කු ඛේදවාචකය කොරෝනා කෝවිඩ් ඛේදවාචකය ඒ වගේම රට බංකොලොත් වීම නිසා බුද්ධිගලනය නිසා අපේ රටේ ශ්‍රම සම්පත වේගවත්ව පිටරට ගමනාන්තයන් කරා යොමුවින් පවතී.

එසේ නම් විශේෂයෙන් මේ බුද්ධි ගලනය තාවකාලිකව හෝ අවම කරගෙන අපේ රටේ ශ්‍රම සම්පත ඒ ශ්‍රමයට සරිලන වේතන ලබා දෙන පහසුකම් ලබාදී ඒ නිපුණතාවය කුසලතාවයේ තිබෙන ශ්‍රම සම්පත් අපේ රටේ පවත්වාගෙන යෑමට අපි නියත වශයෙන්ම කටයුතු කළ යුතුයි.

ඒවගේම හෝටල් කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා නවීන පන්නයේ ජාත්‍යන්තර තලයේ ඉහළම ගුණාත්මක භාවයක් තිබෙන හෝටල් පාසල් ගණනාවක් අපි අපේ රටේ අවම වශයෙන් පළාත් 9 යේ ජාත්‍යන්තර තලයේ හෝටල් පාසල් නවයක් ආරම්භ කර ඒ ක්‍ෂේත්‍රයේ නිපුණතාවය කුසලතාවය තිබෙන ශ්‍රම පරපුර ගොඩනගන්නට අපි කටයුතු කල යුතුයි . ඒ වගේම සංචාරක කර්මාන්තයේ විවිධ යටිතල පහසුකම් මානව සවි බල ගැන්වීම් සිදු කරන්න අපි නිරතුරුවම වැඩපිළිවෙළක් සකස් කල යුතුයි.

සජිත් ප්‍රේමදාස – විපක්ෂ නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *