ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ට ගිය අලුත් සිලින්ඩර මන්ත්‍රී

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මේ වන විට උණුසුම් වෙද්දී

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මේ වන විට උණුසුම් වෙද්දී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ට ගිය අලුත් සිලින්ඩර මන්ත්‍රී නිසා සිලින්ඩරේ නැවතත් උණුසුම්….

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රඡාතන්ත්‍රවාදී පෙරමුණට ඡාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමි වූ අතර ඉන් එක් මන්ත්‍රී ධූරයක් සඳහා රවී කරුණානායක මහතා පත් කෙරුණේ දැඩි ආන්දෝලනයක් මැදයි. එවැනි පසුබිමක ඉදිරි ඡාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ෆයිසර් මුස්තාපා මහතාගේ නම නව ප්‍රඡාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශර්මිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත යොමු කර තිබෙනවා.

ඒ එම පෙරමුණේ පාර්ශවකරුවන් බහුතරයක එකඟතාව මතයි. කෙසේ වෙතත් එක්සත් ඡාතික පක්ෂ සභාපති වඡිර අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඡාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පිරවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ නව ප්‍රඡාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයින් විසින් බවයි.

නව ප්‍රඡාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරියට ඡාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සම්පූර්ණ කිරීමට කිසිදු බලයක් පවරා නැති බැවින් ඡාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පිරවීම දේශපාලන හොරකමක් බවද එහි දැක්වෙනවා. ෆයිසර් මුස්තාපා මහතා ඡාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම සම්පන්ධයෙන් නව ප්‍රඡාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ සමඟ සාකච්ඡා කර නිසි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද එහි සඳහන්.

“ මේක කොහොමහරි දෙකක් තියලා හොරෙක් ඇවිල්ලා හොරකන් කරගෙන ගියා කියන එක ලොකු ප්‍රශ්නයක් නේ. මේ දෙවනි පත්වීම හරි හරියාකාරව කෙරෙන්න ඕන කියලයි අපි කිව්වේ. අපි තවමත් දන්නේ නැහැ. ෆයිසර් ඇමතිතුමාව දාලා තියනවා කියලා තියෙනවා. ඒ ගැන අපිට කිසිම විරුද්ධත්වයක් නෑ. හැබැයි මෙතන තියන ප්‍රශ්නය මේ සියලු දෙනාම එක්කහු වෙලා තීරණය කරන්න ඕන දේවල් සමහර මිනිස්සු එයාලගේ කාමරේට අරගෙන මේවා විසඳන එක ගැන අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. “
අසාද් සාලි – නායක – ඡාතික සමඟි පෙරමුණ

“පළවෙනි එකටත් හොර පාරෙන් ගියා.. දෙවෙනි එකටත් හොර පාරින්ම ගියා”
“ගියාද? ගිහිල්ලද?
“ෆයිසර් මුස්තාපා මන්ත්‍රීතුමාව පත් කරලා”
ඇත්තටම අපි දන්නේ නෑ නේ. කිව්වේ නෑ අපිට තාම. අපේ එකඟතාවය මොකටද අනේ අපි දෙන්නම මේ නිකන් ඉන්න නිකමුණේ. ඒක දන්නේ නෑ. මේ දැන් නේ මේ කියන්නේ…

තලතා අතුකෝරල – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *