හොරායින් ඡාවාරම තුළින් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වූ චෝදනාවලට වරදකරු කෙරුනු මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙකු වන ගම්පොළ විදානෙලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා , ඔහුගේ බිරිද සහ තවත් කාන්තාවකට බරපතල වැඩ සහිත වසර 8 බැගින් සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළා. එමෙන්ම මත්ද්‍රව්‍ය ඡාවාරම තුළින් මිලදී ගත් රාඡගිරිය රෝයල් පාක් සුපිරි නිවාස සංකීර්ණය සහ බගතලේ පාරේ මෙන්ම මැකාදීස් සුපිරි නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා නිවාස කිහිපයක්, අධි සුඛෝපභෝගී වාහන 4 ක් සහ රන් ආභරණ කිලෝ තුනහමාරක් රාඡසන්තක කිරීමට විනිසුරුවරයා මෙහිදී නියෝග කළා. ඊට අමතරව විත්තිකරුවන්ගේ ( වෙලේ සුදා ) නමින් පවත්වාගෙන ගිය රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදල් තැන්පතු සහිත බැංකු ගිණුම් කිහිපයක්ද රාඡසන්තක කෙරුණා.
Related Posts
හිරුණිකා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
හිරුණිකා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිළිබදව මාධ්‍යවේදීන් සමග දැක්වූ අදහස් මෙහෙමයි මගේ නම යෝජනා වෙලා තියෙනව නොයෙකුත් පාර්ශවයන් විසින්. ජාතික…
කොරියාව සදහා ඉදිරියේදී යවන්නේ මෙහෙමයි
කොරියාව සඳහා E9 සහ E7 කියන කාණ්ඩ දෙක යටතේ කොරියාව සඳහා අපේ රටේ තරුණ තරුණයන් යැවීම කරනවා. එය තවත් වැඩි…
නව යුධ හමුදාපති සහ නව නාවික හමුදාපති
මෙරටට නව යුධ හමුදාපතිවරයෙකු හා නාවික හමුදාපතිවරයෙකු අද පත්කෙරුණා. ඒ වත්මන් යුධ සහ නාවික හමුදාපතිවරුන්ගේ ධූර කාලය දෙසැම්බර් 31 එනම්…