වාහන ගෙන් වීම සිදු වන ආකාරය ජනපති රටට කියයි.

වාහන

වාහන වෙළදපොළ ක්‍රමානුකුලව විවෘත කල යුතු බව අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වමින් අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය . කාණ්ඩ 3ක් යටතේ වාහන ගෙන්වීමට සැලසුම් සකස් කර ඇති බව පැවසීය . මගී ප්‍රවාහන හා විශේෂ කාර්යන් සදහා භාවිත කිරීම සදහා මෝටර් රථ ගෙන්වීමට 2024.12.14 සිට විවෘත කර ඇති බව පැවසීය.

භාණ්ඩ ප්‍රවාහනය කිරීම සදහා මෝටර් රථ , ඒ වගේම පෞද්ගලික ප්‍රයෝජනය සදහා වාහන ගෙන්වීමට සැලසුම් කර ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේදී පැවසීය . පෞද්ගලික ප්‍රයෝජනය සදහා මෝටර් රථ ආනයනය 2025 .02. 01 සිය යෝජනාව ක්‍රියාත්මක කරන බව ද පැවසීය .

මහබැංකුව සමග දීර්ඝ සාකච්චාවකින් පසුව වාහන ගෙන්වීමේදී පිටට යන ඩොලර් ප්‍රමාණය කොපමණ ප්‍රමාණයක් ද කියා ඇස්තමේන්තු කර ඇති බවත් එය කොපමණ ප්‍රමාණයක් ආර්ථිකයට ඔරොත්තු දෙනවා ද කියා සැලකිල්ලට භාජනය කර ඇති බවත් පැවසීය.

මේ රටේ ආර්ථිකය යළි සකස්කිරීමට නම් මෝටර් රථ වෙළදපොළ විවෘත කල යුතු බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය. එම නිසා දැඩි ස්ථාවරය සිට මෝටර් රථ වෙළදපොළ විවෘත කරන බව ජනපතිවරයා පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *