ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලෝක බැංකු නියෝඡිතයින් අතර ඡනාධිපති කාර්යාලයේ දී අද (21) හමුවක් පැවැත්වුණා. රඡයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාටින් රේසර් මහතා එහිදී සඳහන් කළා. තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමේ වැඩසටහන, ක්ලීන් ශ්‍රී ලංකා, ග්‍රාමීය දිළිදු බව තුරන් කිරීම හා ඩිඡිටල්කරණ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ මූල්‍ය හා තාක්ෂණික ආධාර ලබාදීමට මෙහිදී එකඟතාව පළ කර ඇති බවයි ඡනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මෙහිදී ිඅදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමෙන් ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට හැකි බවයි. ඒ සඳහා නව රඡය ආරම්භ කර තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද, පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයෙහි සංවර්ධනය සඳහා ද අවශ්‍ය ආධාර ලබාදෙන ලෙස ඡනාධිපතිවරයා මෙහිදී ලෝක බැංකු නියෝඡිතයන්ගෙන් ඉල්ලා සිටි බවයි ඡනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ ඡන ඝනත්වය අනුව ඡනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීමට නව රඡය ගෙන යන වැඩපිළිවෙල මෙහිදී ඡනාධිපතිවරයා විසින් ලෝක බැංකු නියෝඡිතයින්ට පැහැදිලි කර තිබෙනවා.
Related Posts
එක්සත් ජාතික පක්ෂය තුළ එකතු වීමට අකමැති අය ඉන්නවා
එක්සත් ජාතික පක්ෂය තුළත් යම් කණ්ඩායම් ඉන්නවා තවම මේ එකතු වීමට විරුද්ධව වැඩ කරන කණ්ඩායම්. ඉතින් ඒ කණ්ඩායම එක්සත් ජාතික…
නලීන් බණ්ඩාර අතේ පත්තු වූ සියල්ල වමාරයි
නලීන් බණ්ඩාර මන්ත්‍රීතුමා අදහස් දක්වමින් මෙසේ පැවසුවා… අපට තිබෙන තොරතුරු අනුව අක්කර තුන් ලක්ෂ අසුදාහකට ආසන්න ප්‍රමාණයක් ගොවි බිම් යට…
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ට ගිය අලුත් සිලින්ඩර මන්ත්‍රී
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මේ වන විට උණුසුම් වෙද්දී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ට ගිය අලුත් සිලින්ඩර මන්ත්‍රී නිසා සිලින්ඩරේ නැවතත් උණුසුම්….…