ලෝක බලවතුන් කැරළිකාරයන්ට සහය දෙයි

lankaccnews.com

සති දෙකක් තුළ අසාද් පාලනය බිඳ දමමින් සිරියා පාලනය පෙරළා දැමීමට පියවර ගත්තේ හයාත් තරීර් අල් – ෂාමි හෙවත් HTS කැරළිකාර කණ්ඩායමයි . එහි නායකයා ලෙස කටයුතු කරන්නේ අහමඩ් අල් – ෂාරා හෙවත් අබු මොහොමඩ් අල් – ජවුලානි යන නමින්.

අල් – ජවුලානි ගෝලීය ත්‍රස්ත නායකයකු ලෙස මීට පෙර හැදින්වූ ඇමරිකාව ඔහු පිළිබදව තොරතුරක් ලබා දෙන අයකුට ඩොලර් මිලියන 10ක ත්‍යාග මුදලක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබුනා. ඇමරිකා රාජ්‍ය ත්‍රාන්තික පිරිසක් HTS නායකයා සිරියාවේ ඩෑමස්කස් නුවරදී හමු වීමෙන් පසුව එම ත්‍යාග මුදල ලබා දීම අත්හැර දමා තිබෙනවා.

මේ වන විට අල් – ෂාරාට ඇමරිකාව ප්‍රම්ඛ බටහිර කඳවුරේ සහය හිමිවන බවට තීරණය වී ඇති අතර තුර්කිය සහ ඊශ්‍රයලය ද සහය ඔහුට හිමිවනු ඇති බවට විදෙස් වාර්තා වල සදහන්. මෙලෙස ඇමරිකා රාජ්‍ය ත්‍රාන්තිකයින් සිරියාවට පැමිණියේ වසර 10කට පසු ව වීම ද විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *