කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ඡේ.එම්.ටී. ඡයසුන්දර මහතා සහ ලුණු නිෂ්පාදකයින් අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ (03) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
“ගිය අවුරුද්දෙත් වැස්සා. මේ අවුරුද්දෙත් වහිනවා. ඒ නිසා ඉන්පොර්ට් කරානම් ලුණු පරණ මිලට වඩා පොඩ්ඩක් වැඩි වෙනවා. දැන් ඉන්පොර්ට් කරාට පස්සේ ඒකට ඩියුටි ටැක්ස් එක්ක 3500 ක් විතර ලුණු මිටියක් කොස්ට් වෙනවා. එතකොට 50%ක් වැඩි වෙනවා. “
අලීසබ්‍රි රහීම් – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
“ඡනතාවට අඩු ගාණට ලුණු දෙන්න ඕන. ඒකට අපිට ලුණු සාමාන්‍ය ප්‍රමාණයෙන් වැඩි කරලා දුන්නොත්නම් ආණ්ඩුවෙන් ලොකු උදව්වක්. දැනට තියෙන මිල වැඩි කරලා තියෙන්නේ ලංකාවේ ලුණු නැති හින්දා. දැන් ඉන්දියන් ලුණු ඇවිල්ලා තියෙනවා. ඒක පොඩ්ඩක් අඩු කරලා දෙන්න පුළුවන්. ඒක අපි තාම ඉෂු කරලා නෑ.”
“ඉල්ලීමක් කළා ලුණු අපිට ගෙනල්ල දෙන්න කියලා. දැන් ගෙන්නන්න ඔක්කොම හදලා තියෙන්නේ ඉන්දියාවෙන්.”
“ලුණු ආනයනය නොකළොත් හිඟයක් එයිද?”
“නොකළොත් හිඟයක් එයි.”
“මිල ගණන්වලට මොකද වෙන්නේ. 50% න් විතර වැඩි වෙයිද?”
“මිල ගණන් වැඩි වෙයි බොහෝ දුරට. කුඩු පැකට් එක 120 යි”
……………………………………………………………..
“කලින් ආණ්ඩුව ලුණු නිෂ්පාදනය කරලා අවශ්‍ය තොග රැස් කරලා තිබුන් නෑ. ඒ ලුණු ප්‍රමාණය අපි ආනයනය කරනවා. ආනයනය කරන්නේ නැවත මේ වගේ ප්‍රශ්නයක් අපි රටේ ඇතිවෙන්න දෙන්නේ නෑ. මොකද අවශ්‍ය තොග අපි රැස් කරගන්නවා.”
“ඒකත් හාල් ප්‍රශ්නේ වගේ ඇදෙයිද දන්නෑ නේ?”
“නෑ ඇදෙන්නේ නෑ. හුගක් වෙලාවට අපිට කියන්න සිද්ධවෙන්නේ පරණ පව් කරගහන්න සිද්ධ වෙලා තියෙනවා ටික දවසකට”
“මහින්ද මහත්තයා තව කොච්චරකල් ඉදීද?”
“එයාගෙන්ම අහන්න.”
සුනිල් හදුන්නෙත්ති – කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය