රාජාංගනයේ හාමුදුරුවන් මාධ්‍ය වේදීන් වෙත දැක්වූ අදහස් …
මම කියන්න කැමතියි මේ රටේ බලංගොඩ කස්සප ඇතුළු සිවුරු කල්ලියක් මගෙන් පළිගන්නවා. එකට හේතුව තමයි මම මේ ජාතික ජන බල වේගයට අනුර කුමාර දිසානායක මහත්තයට මේ මන්ත්‍රීවරු ඇමතිවරු පත් කරන්න පාර්ලිමේන්තුව පත් කරන්න උදව් කිරීම.
මුං මගෙන් පලි ගන්නවා. මං දකිනවා හැම වෙලාවකදීම CID එකට ඇවිල්ල මට පැමිණිලි දානවා. මම කුණුහරප කියනවා කියනවා . මම අරක කිව්වා කියනවා මේක කිව්වා කියනවා. යකෝ මේ රටේ මිනිස්සු දුක් විදපු යුගයක් තිබුණා.
තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල බෙහෙත් පෙත්ත නැතිව මේ රටේ මිනිස්සු මැරුණා. ඒවා දරාගන්න බැරිව තමයි යකෝ කෑගැහැව්වේ. මගේ පවුල රකින්න නෙමෙයි. මේ රටේ හිටපු එවුන් අපිට සිල් රකින්න රටක් හදලා තිබ්බා නම් රාජාංගනයේ හාමුදුරුවෝ මෙහෙම කෑ ගහනවා ද? .
මම උබලගෙන් අහනවා දූෂිත හොර ජාති භේදයෙන් ආගම් බේදයෙන් කුල බේදයෙන් වර්ග බේදයෙන් වර්ණ බේදයෙන් වනසලා තිබිච්ච රට. මේ හොර තක්කඩි දේශපාලුවෝ එළවන්න ඕනි අවංක හැගීමෙන් චේතනාවෙන් වැඩ කරේ. පරුෂ වචනයක් දෙකක් මං කියන්න ඇති. රට කාපු එවුන්ට මම වෙන කොහොම කියන්න ද?.
උබලට දරාගන්න බැහැ හොරුන්ට බනින එක . රාජාංගනයේ හාමුදුරුවෝන්ට වයිර කරන්නේ මේ රටේ මිනිස්සු වෙනුවෙන් කතා කරන නිසා . අඩියක් ගානේ හොරකම , වංචාව , දූෂණය , මිනීමැරුම් , කුඩු , පාතාල , අපරාධ.
මේක බෞද්ධ රටක් කියන්නේ කොහමද?. රනිලා ඌ බාර 361දීල ගිහින් තියෙන්නේ. බෞද්ධ රට . මුන්ද බෞද්ධයෝ . දැන් මුං කියන්නේ JVP එක මාලිමාව ආවහම බුදු දහම ඉවරයි. මිහින්තලේ එකා කෑ ගැහැව්වා. ආනන්ද සාගර කෑ ගැහැව්වා. දොඩම්පනේ රාහුල කෑ ගැහැව්වා අද උන් එකෙක්වත් හොයා ගන්න නැහැ කොහෙද ගියේ කියල.
පොඩ්ඩක් හිටපියව් මෙච්චර කාලයක් තොපි බෞද්ධ කියල ගෙනාපු එවුන් කරේ අරලියගහ මන්දිරේ බන කියනවා කියලා. ඇතුලේ බන කියනවා. රටේ සියලු හොර මැර තක්කඩිකම් රට පුරා ක්‍රියාත්මක වනවා. මේක නතර කරන්න තොපි කැමති නැද්ද ? බලංගොඩ කස්සප උබලා කැමති නැද්ද?
මුන්ට ඕනි මාව හිරේ දාලා මගේ කට වහලා මාව සිවුරෙන් ඇරලා මගේ ජීවිතය විනාශ කරන්න. වෙන මොකක් වත් නෙමෙයි මම පන පිටින් හිටියොත් මේ හොරුන්ට ජිවිත වෙන්න බැහැ. මොකද හොරුන්ට විරුද්ධව ජිවිත පරිත්‍යාගයෙන් කතා කරන එකම හාමුදුරුවෝ මම .