රනිල්ගේ වැසිකිලි වලට ලක්ෂ 140ක්

lankaccnews.com

දැන් මේ චාමර සම්පත්ලා පාර්ලිමේන්තුව දෙවනත් කර කර කියනවා ඔබතුමාලගේ ආණ්ඩුව යන යන තැන අසාර්ථක වෙනවා කියලා..?

“මොනවද දැන් එයා අසාර්ථක වීමට දක්වපු කාරණා.. ඔව් මං අහන්නේ මොකද්ද? කිසි පදනමක් නැති කථාවක් පාර්ලිමේන්තුවේදි කරා. අපි ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලට අදාළ ගණන් හිලව්වක ප්‍රවෘත්තියක් එළිදරව් කළා. බිමල් රත්නායක අමාත්‍යවරයා කිව්වා ඔයා ඔය කියන ගණන් හිලව් ටික නිශ්චිත ලෙස සභාගත කරන්න. සභාගත කරාට පස්සේ අපි හරියටම කියන්නම් මෙතන තියෙන ගාණ මොකද්ද කියලා. ඉතිං අපි හරි පැහැදිලියි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල ඉදිරිපත් කරලා ගිහිල්ලා ඒකේ තියෙන සල්ලි ගහන්න අපිට මොකද්ද තියෙන රුදාව. තේරුණාද? ඒක නිසා අපි දන්නවා ඔය ප්‍රශ්න අහන මහත්තුරු කවුද දන්නවද.. රනිල් වික්‍රමසිංහගේ නිදහස් උළෙලට ගියා තාවකාලික වැසිකිලිවලට රුපියල් ලක්ෂ 140 ක් වියදම් කරා පැය 5ට.. තේරුණාද?  ඔය කතා කරන මහත්තුරු.. එයාගේ ඡනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ. අද ලක්ෂ 70 ක් ගැන කතා කරනවා මුළු ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලම එළි දැක්වීමට ගිය ලක්ෂ 70 ක් ගැන. තාවකාලික වැසිකිලිවලට ලක්ෂ 140 ක් වැය කරපු මහත්තුරු අපිට ඇගිල්ල දික් කරලා කියනවා ලක්ෂ 70 ක් වැනි මුදලක් වියදම් කරපු එක ගැන. අපි ඒකත් වියදම් කරපු විදිය ඉල්ලුවා. ඉතිං ඒක නිසා මං කියන්නේ නම් වීදුරු ගෙවල්වල ඉදන් ගල් ගහනකොට පොඩ්ඩක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න කියලා.”

සුනිල් වටගල – පා.ම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *