2024 ගත වූ කාලයේදී රට රැකියා සදහා විදේශ ගත වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා ගොස් තිබේ. සිකුරාදා වන විට (13) එම ගණන තුන් ලක්ෂ එකසිය හැට දෙකක් බවත් පසු ගිය වසර 10 ක කාලය තුළදී ශ්‍රමිකයන් ලක්ෂ 3ක ප්‍රමාණයක් ඉක්මවා ගිය දෙවන අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ .
මීට පෙර 2022 වර්ෂයේදී ශ්‍රමිකයන් තුන් ලක්ෂ දසදහස් නමසිය හතළිස් අට දෙනෙකු රැකියා සදහා විදේශ ගත වන බවයි වාර්තා වන්නේ . 2024 වර්ෂයේදී පිරිමි ශ්‍රමිකයන් එක්ලක්ෂ හැත්තෑ දහස් අටසිය හතරක් සහ කාන්තාවන් එක ලක්ෂ විසිදෙදෙහස් තුන්සිය පනස් අට දෙනෙකු රැකියා සදහා විදේශ ගත වූ බවත් සංඛ්‍යා ලේකන ඔස්සේ වාර්තා වනවා .