රජය කෙදිරිගගා හිටියේ . රටේ මිනිස්සුන්ට කන්න දෙන්න බැරි වෙන කොට රටේ ලොකුම අපරාධය පොල්සම්බෝල කෑම වෙන කොට රටේ මාලිමා පාක්ෂිකයා සතුටු කරන්න ඕනි නම් කාව හරි අත්අඩංගුවට ගන්න වෙනවා. විශේෂත්වය තමයි මෙයාල අත්අඩංගුවට ගන්න තෝරා ගන්නේ සෙනසුරාදා දිනය. යෝෂිත රාජපක්ෂ මහත්තයා ගිය සතියෙත් ඇවිල්ල කට උත්තරයක් දීලා ගියා. අද වාහන ගණනාවක් දෙහිවලට යනවා අනිත් පැත්තෙන් බෙලිඅත්තට යනවා වාහන ගණනාවක්. ආසන්න වශයෙන් වාහන 10 ක් හෝ 12 ක් යොදා ගත්තා යෝෂිත රාජපක්ෂ මහත්තයා අත්අඩංගුවට ගන්න. ආණ්ඩුවෙන් කිවා මේ සතියේ එක්කෙනෙක් අත්අඩංගුවට පත්වනවා කියලා ඉදිරි සතියේ දෙන්නෙක් අත්අඩංගුවට පත්වනවා කියල. දැන් අපි දැනගන්න කැමතියි කවුද අත්අඩංගුවට පත් වන්නේ කියල ආණ්ඩුවද තීරණය කරන්නේ එහෙමත් නැතිනම් ජනාධිපතිතුමා ද කියල. එහෙම නැතිනම් ස්වාධීන පොලීසියක් තුළද මේ පරීක්ෂණ සිදු වන්නේ කියල අපිට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම මාලිමාවේ පොලීසියේ හිටපු දෙන්නෙක් පොලීසියේ ප්‍රධානීන් වෙන කොට අපට සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අපි ස්වාධීන අධිකරණයක් තුළ සත්‍ය ජයග්‍රහණය කරයි කියල විශ්වාස කරනවා.
ඩී.වී චානක – පා.ම