2016 සිට 2019 දක්වා රජයට අය විය යුතු එකතු කල අගය මත බදු හෙවත් VAT රුපියල් බිලියන 3.5 ක සුරා බදු මුදල පැහැර හැර ඇති බවයි මත්පැන් නිෂ්පාදන සමාගමක් වන මෙන්ඩිස් මත්පැන් සමාගමට චෝදනා එල්ල වී තිබුනා.
අදාළ බදු මුදල ගෙවන ලෙසට එම සමාගමේ අර්ජුන ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන්ට නියෝග කරන ලෙස ඉල්ලා දේශීය අදායම් දෙපාර්තුමේන්තුව අධිකරණය හමුවේ මීට පෙර නඩුවක් පවරා තිබුනේ ඒ අනුවයි.
හිග බදු මුදල ගෙවන ලෙස අධිකරණය අවස්ථා කිහිපයකම වගඋත්තර කරුවන්ට නියෝග කර තිබුනා. කෙසේ වෙතත් හිග සුරා බදු මුදල් නොගෙවීම හේතුවෙන් අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනෙකු මාස 6ක කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කලේ ඉකුත් ඔක්තෝම්බර් මස 14 වන දායි.
හිග බදු මුදල් නොගෙවන මත් පැන් නිෂ්පාදන වල බලපත්‍ර අත්හිටුවීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුනා. ඒ අනුව අද (05) සිට මෙන්ඩිස් මත්පැන් සමාගමේ නිෂ්පාදන බලපත්‍රය අද සිට අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙන්ඩිස් සමාගමේ වැලිසර නිෂ්පාදනාගාරයට මුද්‍රා තැබුවා.
ඒ පැය 6කට වැඩි කාලයක් සිදු කල නිරීක්ෂණ කටයුතු වලින් පසුවයි.