මැණික් ගල් දෙකකින් ලංකාව ගොඩ යයි ජිනස් වාර්තාවකුත් ලැබෙයි.

මැණික්

ශ්‍රී ලාංකිකයකුට අයත් මෙම විශේෂ මැණික් ගල් දෙක සදහා පසු ගිය දා ජිනස් වාර්තා සහතික පත්‍ර නිකුත් කර ඇත්තේ ලෝකයේ ඇති විශාලතම ස්ටාර් සෆයා සහ කැටිස් අයි බ්‍රේරි නමැති මැණික් ගල් දෙක සදහායි. එය මේ වන විට ලෝකයෙන් හමුවූ විශාලතම සහ දීප්තිමත්ම මැණික් ගල් දෙක වන අතර එම ගල් දෙකේම හිමි කරු ශ්‍රී ලාංකිකයකු වීම විශේෂත්වයක් .

ඒ අනුව බ්ලැක් ස්ටාර් සෆායා මැණික කැරට් 3621.35ක් බරින් යුකුත් වන අතර කැටිස් අයි ග්‍රීන් බ්‍රේරි නමැති මැණික කැරට් 584.95ක බරින් යුක්තයි. එක ගලක් තරුමා ගුණය තිබෙන කළු පැහැති ස්ටාර් සෆායා එකකි. මීට පෙර ගිනස් වාර්තාව හිමිවුයේ ඔස්ට්‍රේලියාවේ මැණිකකටයි.

බ්ලැක් ස්ටාර් සෆායා ලංකාවෙන් හමුවූ ගල වන අතර අනෙක් ගල මැඩගස්කරයෙන් හමු වී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙම ගල් දෙකේම හිමිකරු ශ්‍රී ලාංකිකයකු වීමයි. මෙහි වටිනාකම ඩොලර් මිලියන 500 කට අධික වටිනාකමකින් යුක්ත වනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *