මාධවී ඇන්තනී ගේ සැමියා පැවසුවේ මෙවැන්නකි
මාධවී ඇන්තනී ගේ සැමියා – අද අපි මෙහෙම අවේ පොලිස්පති සහන මැදිරියට පැමිණිල්ලක් ගොනු කරන්න. ඊයේ හවස සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන්. මමත් මාගේ බිරිදත් පදිංචි හබරකඩ. හබරකඩ මාගේ නිවාස අසල තිබෙන කඩේට ගියා ඊයේ හවස . නිවසට අවශ්‍ය බඩු ගන්න ගියේ . එතන පොලිසි නිළධාරීන් 3 දෙනෙක් කියා ගන්නා සිවිල් ඇදුමින් සැරසුණු. ඒගොල්ලෝ ආවේ අතුරුගිරිය පොලීසියට අනුබද්ධිත මුර සංචාර කරන ත්‍රීරෝද රථයේ.
මාගේ ගෙවල් කොහෙද ඇහැව්වා. මං පෙන්නුවා අර තියෙන්නේ අපේ ගෙදර කියල. ඊට පස්සේ මාගේ ID එක ඉල්ලුවා. ඊට පස්සේ මම කීවා ගේ ඉස්සරහ තිබෙන කඩේට එන්න ID එකක් අවශ්‍ය නැහැනේ කියල. මෙන්න මූව දාගනින් කියල අතින් බලහත්කාරයෙන් ඇදල මාව ත්‍රීරෝද රථයට දාගත්තා. ගේ ඉස්සරහ තිබෙන කඩේට යන්න ජාතික හැදුනුම්පත ඕන ද කියල අපි ප්‍රශ්න කරනවා පොලීසියෙන් .
අතුරුගිරියට අනුබද්ධිත මේ තිදෙනා විසින් මාව පොලිසියට රැගෙන එන අතරතුර දී මාගේ අනන්‍යතාවය මම කිවා. මම කවුද? . මාගේ රැකියාව .. මම ලේඛකයෙක් . මාගේ ජනප්‍රිය කෘති තියෙනවා මේ රටේ ප්‍රසිද්ධ වෙච්ච . මිනිස්සු මාව දන්නවා . ලෝකය මාව දන්නවා. අපි අහිංසක කලාකරුවෝ . එහෙම කියද්දී සැර පුරුෂ ලෙස මට කුණුහරපෙන් බනිමින් මාගේ අතට ශාරීරික අඩන්තේට්ටම් කරා . ඒවගේ සියලු සාක්ෂි තිබෙනවා . රූප සටහන් තිබෙනවා .
ඊට පස්සේ මාව පොලීසියට ගෙනිච්චට පස්සේ මාගේ බිරිදට (මාධවී ඇන්තනී ) එන්න වුනා ජාතික හැදුනුම්පත අරගෙන අතුරුගිරිය පොලිස් ස්ථානයට . මාගේ අක්කත් එක්ක අවේ මාගේ බිරිද ( මාධවී ඇන්තනී) . මට දවස් 18ක පුංචි දරුවෙක් ඉන්නවා . සමජමාධ්‍ය ඔස්සේ ඒ බව සියලු දෙනා දන්නවා. ඒ දරුවට කිරි දෙන අවස්ථාවේ තමයි කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන මාව නොහදුනන නිසා මාගේ අනන්‍යතාවයත් අරගෙන පොලීසියට එන්න වුනා.
මාගේ අනන්‍යතාවය තහවුරු කරාට පස්සෙත් පැය දෙකකට ආසන්න කාලයක් අනීතිකව රදවා ගත්තා . කිසිදු හේතුවකින් තොරව . ඒ අතරතුරු කාලයේදී අතුරුගිරිය පොලීසියේ පොලිස් ස්ථානාධිපති කියන තැනැත්තා මාගේ බිරිදට (මාධවී ඇන්තනී )අපහාසාත්මක වදනින් බැන්නා . ඒ වගේම මාගේ අක්කාට නොහිබිනා ප්‍රකාශ කළා .
ඒ වගේම ඒ පොලිස් ස්ථානයේ සැරිසැරූ තැනැත්තෙක් , ස්ථානාධිපති මාගේ මාමණ්ඩි වන මධවීගේ ආදරණිය පියාණන් වන සුවහසක් මේ රටේ ලෝකයේ හුදී ජනයා සනසපු ප්‍රවීණ රංගධරයෙක් වන ජැක්සන් ඇන්තනී කියන ඒ ප්‍රවීණයාව උපහසට ලක් කරමින් ජැක්සන් ඇන්තනී පොරක් ද ? ඒ කවුද ? වාගේ වචන කියමින් ඔවුන් බොහොම නරක විදිහට අපට සැලකුවා . අපට කතා කරා . අපි බොහොම ඒ සියල්ල අපහසුවෙන් දරාගත්තා.
මේක ප්ලෑන් කරලා කරපු දෙයක් . අපි අහිංසක කලාකරුවෝ. අපි රචකයෝ . අපිට වෙච්ච දේ නැවත සාමාන්‍ය ජනතාවට නොවෙන්න වග බලා ගන්න කියල අපි අයදිනවා . ඒකයි අපි පොලිස්පති සහන මැදිරියට ඇවිල්ල මේ මේ විදිහට කලේ. මාධ්‍යවේදී සහෝදර සහෝදරියන්ට බොහොම ස්තූතියි මේ දේවල් ලෝකයට ඉදරිපත් කරනවට. අපි ජීවත් වන්නේ මෙවන් වටපිටාවක.
අතුරුගිරිය කියන්නේ කොළඹට ආසන්න ස්ථානයක්. හවස 6.30 ත් 7.00 අතර හැන්දෑවේ මාගේ ගේ ඉස්සරහ තිබෙන කඩේට ID එක නැතිව යන්න බැහැ . ඉස්සරහට මෙයාල මොනවා කරයි ද දන්නේ නැහැ . මගෙත් , බිරිදගෙත් සහ දරුවාගේත් මතු ආරක්ෂාව සදහා මම නීතිය හමුවට අවේ . නීතියට වගකියන නිලධාරීන්ගෙන් අයදිනවා අපට නීතිමය පිළිසරණ දෙන්න .
අපට විරුද්ධව මේ කරපු නිලධාරීන්ට දිය හැකි උපරිම දඩුවම ලබා දෙන්න කියල පොලිස්පතිතුමා ජනාධිපතිතුමා අගමැතිතුමියනි අපි ඔබගෙන් අපට සිදු වුන අසාධාරණයට පිළිසරණ අයදිනවා .
මාධවී ඇන්තනී කදුළු සලමින් මාධ්‍යයට කී සංවේදී කතාව
ඊයේ හවස මාගේ සැමියා ගෙදරට අවශ්‍ය බඩු ටිකක් ගන්න ගෙවල් ළග තිබෙන සිල්ලර කඩේට ගියා . පාරෙන් අනිත් පැත්තේ තියෙන්නේ . පාරේ අයිනෙමයි . එයා ගිහිල්ලා ටික වෙලාවක් යනකන් ආපහු අවේ නැහැ . මම පුතත් එක්ක හිටියේ . කසුන්ගේ අම්මා , අක්කා ඒ මොහොතේ අපිත් එක්ක ගෙදර හිටියා. ටික වෙලාවකට පස්සේ කසුන්ගෙන් මට කෝල් එකක් අවා .
මාව අතුරුගිරියේ පොලීසියෙන් අරගෙන ගියා . අනේ පුළුවන් තරම් ඉක්මනට එන්න මාගේ අනන්‍යතාවය තහවුරු කරන්න බැහැ කියල මාව අරගෙන ගියේ . පුලුවන්නම් එන්න අක්කත් එක්ක ID එකයි passport එකයි අරගෙන ඉක්මනින් එන්න කියල . පුතාව මං අම්මගේ අතට දීලා පුළුවන් ඉක්මණින් ID එක අරගෙන ගියා . මොකද අනන්‍යතාවය තහවුරු කරයින් පස්සේ ඉක්මනට ආපහු යවයි කියල. අපි හිතුවා නීතියට සහයෝගයක් දෙන්න ඕනි .
නීති රීති අපි නොදන්නවා උනාට තියෙන්න පුළුවන් නේ කියල. එහෙම හිතල අපි ඉක්මණින් ගියා පොලීසියට . ගිහිල්ල ID එක දුන්නා . මෙයාගේ ෆෝන් එකත් අරගෙන , ID එකත් අරගෙන එක එක දේවල් කරමින් හිටියා . ඊට පස්සේ මම ඇතුළට ගිහිල්ලා ඇහැව්වා .
මෙයා කිව්වා මට FR එකක් දාන්න ඕනි . අත හයියෙන් ඇල්ලුවා . අත රිදෙනවා කියල . ස්ථාන්ධිපති එතකොට කවුළුවකින් එබිලා කෑ ගහන්න ගත්තා . ඊට පස්සේ මම ඇහැව්වා ඇයි සර් මහත්තයාව ගත්තේ .. ID එක නැතිව යන එක මහලොකු වරදක් ද අපි නොදන්නා නිසා අහන්නේ කියල . ඊට පස්සේ අපි සැක පිට මේ දවස් වල කට්ටියව ගන්නවා . අපරාධ වැඩියි.
එතකොට මම ඇහැව්වා මාගේ මහත්තයව ගන්න මොනවා ද දැක්කේ කියල ලක්ෂණ පෙනුම ද මොකද්ද දැක්කේ කියල . ඒක අහපුවහම මට හොදටම කෑගැහැව්වා පොලීසිය ඇතුළේ . ඊට පස්සේ මං මුකුත් කතා කරේ නැහැ . මම එළියට ගියා. ඊට පස්සේ මගේ ID එක ඉල්ලුවා . අක්කගේ ID එකෙන් ඇප දෙන්න බැහැ කියල. එක කුස උපන් උනට බැහැ . wife ගේ ID එක ඕනි කියල .
ඊට පස්සේ මම කිවා මට ගොඩක් වෙලා ඉන්න බැහැ මගේ පුතා ඉපදිලා තාම දවස් 18 කියල. ඊට පස්සේ මම ID එක දුන්නා . ඊට පස්සේ ID එකත් අරගෙන මගෙන් මුකුත් සටහනක් ගත්තෙත් නැහැ , අත්සනක් ගත්තෙත් නැහැ . ID එක ගත්තු නිසා මට යන්න විදිහකුත් නැහැ . එහෙම මම හිටියා පැය 2 කකට ආසන්න කාලයක් . පැය දෙකකටත් වැඩියි මං හිතන්නේ යනුවෙන් හඩමින් මාධ්‍ය ඉදිරියේ මාධවී ඇන්තනී පැවසුවා..
ඊට පස්සේ අපි ආපහු කන්නලව් කරා බබා ගෙදර තනියම බඩගින්නේ ඉන්නවා කියල . ඊට පස්සේ ID එක දීලා කිව්වා හරි ඔයා ඕන නැහැ අපි දෙන්නම් කියල . ඊට පස්සේ මම ID එක අරන් ගෙදරට ගියා . ඒ යනකොටත් පුතා හොදටම අසනීප වෙලා වගේ හිටියේ . අඩල අඩල හොදටම අඩගන්නත් බැරිව හෙම්බත්වෙලා වගේ හිටියේ . දවස් 18 ක පොඩි සිගිත්තෙක්නේ . එයාට එහෙම පුරුද්දක් නැහැ ගොඩක් අඩලා එක දිගට . අම්මත් අඩනවා බබත් අඩනවා මම ගෙදර යද්දී .
බබාට කලන්තේ වගේ කිරි බොන්නෙත් නැහැ . නිදාගන්නෙත් නැහැ . මම අහන්නේ ඇයි එහම කරේ කියන එක . අප කරපු වරධ මොකද්ද ? මගේ තාත්තට ගොඩක් අපහාස කරලා තිබෙනවා . එහම කරන්න තරම් අපි කරපු වරද මොකද්ද . මිය ගිය මනුස්සයෙක්ට අපහස කරලා කොහෙන්ද හම්බවෙන්නේ පිළිසරණක් . අපි අහිංසක මිනිස්සු යනුවෙන් හඩමින් මාධ්‍ය ඉදිරියේ මාධවී ඇන්තනී පැවසුවා..
අපිට පාඩුවේ ඉන්න දෙන්න . අපි කලාව විතරයි කරන්නේ . අපිට වෙනත් අදායම් මාර්ග නැහැ . අපි එහෙම සල්ලි කාරයෝ නෙමෙයි . ඒ දේවලුත් කියල අපිට අපහස කරා . අපේ මිය ගිය පියාගේ නාමෙන් මං ඉල්ලනේ අපිට පාඩුවේ ජිවත් වෙන්න ඉඩ දෙන්න . අපිට යන්න වෙන රටවල් නැහැ . අපිට පාඩුවේ ඉන්න දෙන්න කියල විතරයි ඉල්ලන්නේ කියා මාධවී ඇන්තනී කදුළු සලමින් මාධ්‍යයට පැවසුවා .