මේ රට සාපලත් යුද්ධයෙන් ගලවා ගත් නායකයා තමයි මහින්ද රාජපක්ෂ. ඒක ඕනි කෙනෙක් පිලි ගන්න එකක්. එයාට ජීවිතය අවසානය දක්වාම තර්ජනයක් තිබෙනවා. ඒක නිසා ඔහුට ආරක්ෂාවක් දෙන එක අත්‍යවශ්‍ය කාරණයක්. මොන විහිලු කරයෝනේ මේ.
ජනාධිපතිවරු කිසිවෙක්ට ජනාධිපති ධූරයෙන් ඉවත් උනාට පසු ගෙවල් දීම අවශ්‍ය නැහැ. දෙන්න හොද නැහැ . හිටපු ජනාධිපතිතුමා ගත්තෙත් නැහැ ගන්නෙත් නැහැ. දැන් ඔය ඉන්න දෙන්න තුන්දෙනා ඔය ගෙවල් ටික දෙන්න ඕනි. මේ හැමෝම වලව් කාරයෝ. චන්ද්‍රිකා මැතිණියගේ රොස්මිඩ් වලව්ව තියෙනවා. අපි දන්නා තරමින් ඒක හොටෙල් එකකට දීලා. ඒක හොටෙල් එකකට දීලා එකෙන් ලාභ ගනිමින් මෙතන ආණ්ඩුවෙන් සල්ලි වලින් ඉන්න එක වැරදියි.