මහින්ද රාජපක්ෂ කෙදිරි ගන්නේ නැහැ – නාමල් රාජපක්ෂ පවසයි

මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ කෙදිරි ගන්නේ නැහැ

නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අලුත් මාවතකට රැගෙන යන බවයි. ඉදිරියේදී එන ප්‍රාදේශීය සහ පළාත්සභා මැතිවරණයට මුහුණ දීමට සුදානම් වන බව ඔහු ප්‍රකාශ කළා. පළාත් සභා මැතිවරණය වසර ගණනකින් පවත්වා නොමැති බව ද ඔහු අවධාරණය කළා.

ඒ වගේම උතුරේ පළාත් සභාවක් පිහිටුවීමට ලබා දුන් එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කලා. ඒ අනුව නියමිත දින වකවානු වල මෙම මැතිවරණය පැවැත්විය යුතු බව ඔහු ප්‍රකාශ කළා. අලුත් පරම්පරාවේ දේශපාලන නායකයන් බිහිවන ස්ථානය ප්‍රාදේශීය සභාව බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාට නිවසින් පිට වීමට ලබා දෙන ලියුම ලැබෙන තෙක් බලා සටින බව නාමල් රාජපක්ෂ පැවසීය. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා කිසිවිටකත් කෙදිරි ගාන්නේ නැති බව ද පැවසීය. එල්.ටී.ටී ත්‍රස්තවාදය පරද්දනකොට ඇදන් අස්සෙයි , පුටු පල්ලෙයි කෙදිරි ගාපු අය විවිධ කාර්යයන් දැන් මතක් කර දෙන බවත් පැවසුවා. යුද්ධයට යෑම තුළින්ම මහින්ද රාජපක්ෂ මහතා පමණක් නොව එතුමාගේ ළමයින් සහ ළමයින්ගේ ළමයින්ට පවා තර්ජනයක් තිබෙනවා බවත් ආරක්ෂාව අඩු කිරීම තුළින් භය කිරීම තුළ දේශපාලනිකව අඩියක් පස්සට නොගන්නා බව ද ඔහු ප්‍රකාශ කළා.

වර්තමාන ආණ්ඩුවට සහ ජනතාවට එවැනි ක්‍රියා සතුටුදායක ක්‍රියා ලෙස සිතනවා නම් එවැනි ක්‍රියා සිදු කලාට කමක් නැති බවද නාමල් රාජපක්ෂ පැවසීය. ඔවුන්ව භිය ගැන්වීම තුළින් එවැනි ක්‍රියා සිදු කල නොහැකි බවත් එවැනි ක්‍රියා සාර්ථක නොවන බවත් ඔහු ප්‍රකාශ කළා. වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා තර්ජනය කලේ ඔවුන්ට නොව පොලිස් කොමිසමට සහ අධිකරණ පද්ධතියට සේම ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට බව ද නාමල් රාජපක්ෂ පවසයි. තව දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කලේ ත්‍රිවිධ හමුදාව පාතාලයේ කොන්ත්‍රාත් කරන බව ද අනුර කුමාර දිසානායක මහතා පැවැසූ බව නාමල් පවසයි. වත්මන් ජනපති ආරක්ෂක මණ්ඩලයේ කතා කල යුතු දේවල් දේශපාලන වේදිකා මත කතා කිරීම සුදුසු ක්‍රියාවක් නොවන බවත් ඔහු පැවසුවා.

ඒ වගේම ස්වාධීන පොලිස් කොමිසමට බලපෑම් කරන්න ජනපතිට කිසිදු අයිතියක් නොමැති බවත් නාමල් පවසයි. තර්ජනයන් මර්දනයෙන් ආණ්ඩුව පවත්වාගෙන යාමට උත්සාහ කරනවා නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊට ද සුදානම් බව නාමල් රාජපක්ෂ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *