මහින්ද රාඡපක්ෂ ගැන ඉතාමත් වෛරයෙන් ඉන්නේ

මහින්ද රාඡපක්ෂ

“ඊයේ දැක්කා ඡනාධිපතිතුමා මහින්ද රාඡපක්ෂ ගැන ඉතාමත් වෛරයෙන්, ඉතාමත් ද්වේශයෙන් එතුමාගෙන් පළිගන්න ස්වරූපයෙන් කරන ප්‍රකාශ ගැන. මෙතරම්කල් මම මේ රටේ ඡනතාවට කිව්වා මහින්ද රාඡපක්ෂ ඡනාධිපතිතුමාගේ ආරක්ෂාව අඩු කරේ කිසිම ආරක්ෂක තක්සේරුවක් නොමැතිව කියලා. දැන් ඊයේ ඡනාධිපතිතුමා මොකද කියන්නේ.. 60 ක් දීලා තියෙනවා. වැඩිය කෑගැහුවොත් 60 ත් අඩු කරලා දානවා. අයින් කරලා දානවා කියලා. කොහොමද ඡනාධිපතිවරයෙක් පුද්ගලයෙක්ගේ ආරක්ෂාව ගැන එවැනි තර්ඡනයක් කරන්නේ. ඉතාමත් පැහැදිලියි මහින්ද රාඡපක්ෂ ඡනාධිපතිතුමාගේ ආරක්ෂාව ක්‍රම ක්‍රමයෙන් අඩු කරලා එතුමාගේ ඡීවිතේ අනතුරේ හෙළීම කිසිම කමිටුවක තීරණයක් නෙවෙයි. කිසිම ආරක්ෂක තක්සේරුවකින් කරපු දෙයක් නෙවෙයි. 1986 අංක 4 දරණ ඡනාධිපතිවරුන්ගේ හිමිකම් පනතේ 2 වන වගන්තියේ ඉතා පැහැදිලිව මුලින්ම කියන්නේ මොකද්ද.. සෑම හිටපු ඡනාධිපතිවරයෙකුටම සහ හිටපු ඡනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ඔහුගේ හෝ ඇයගේ ඡීවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුළියකින් තොරව සැපයිය යුතුයි කියලා. මෙහෙම උචිත නිවාසයක් දෙන්න බැරිනම් ගැටළුවක් තියෙනවා තමයි අන්න එතනදී අර කියනවා වගේ රුපියල් 30,000 ට ගෙයක් හොයාගන්න කියලා.”

නීතීඥ මනෝඡ් ගමගේ – හිටපු ඡනාදිපති මහින්ද රාඡපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක

“මේ රට බේරගත්ත නායකයාගේ ආරක්ෂාව ඉවත් කරන්න, මේ රට බේරගත්ත නායකයා ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් බවට පත් කරන්න කටයුතු කරමින් සිටිනවා. මොකද්ද එතුමාට තියෙන අයිතිය මහින්ද රාඡපක්ෂ ඡනාධිතුමාට කියන්න කෙදිරිගෑවොත් ඉතුරු පොලීසියේ 60 දෙනාත් ඉවත් කරනවා කියලා.”

සාගර කාරියවසම් – මහ ලේකම් – ශ්‍රී ලංකා පොදුඡන පෙරමුණ

එතකොට එයා පහුගිය කාලේ කිව්වේ බුද්ධි අංශ වාර්තා කැදවලා ඒවා උඩ තමයි මේ ආරක්ෂාවල් ලබාදෙන්නේ කියලා. ඉතිං මට පේනවා ඊයේ ඡනාධිපතිතුමාගේ කතාවෙන් පස්සේ එහෙම බුද්ධි අංශ වාර්තා කැදවලා නෑ. ඉතිං එහෙම ඇගයීමක් කරලා තිබුණා නම් ඡනාධිපතිතුමා කියන්න ඕන නෑනේ මේ 60 ත් අයින් කරනවා කියලා.

මුඡිබර් රහුමාන් – පා.ම. – සමගි ඡන බලවේගය

“එකසිය ගණන් හිටියා කිව්වා දැන් 60 ට අඩු කරනවා කිව්වා. තව කෙදිරිගෑවොත් තව අඩු කරනවා කියනවා. ඉතිං කෙදිරි ගාන එකද නිර්ණායකය නැත්තන් ඔහුට තියෙන ආරක්ෂාවේ ප්‍රමාණය පිළිබඳව ගත්ත විද්‍යාත්මක තොරතුරු ද වැදගත් වෙන්නේ කියලා බලන්න තියෙන්නේ. දැන් මහින්ද රාඡපක්ෂ වගේ මහත්තයෙක් ඔහු මේ රටේ යුද්ධය ඉවර කරන්න නායකත්වය දුන්න කෙනා. මං කියන්නේ ඔහුට යම් අනතුරක් වුනොත් ඒ අනතුරේ වගකීම ආණ්ඩුව භාරගන්න ඕන.

දයාසිරි ඡයසේකර – පා.ම. සමගි ඡන බලවේගය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *