මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

මන්මෝහන් සිං

92 හැවිරිදි ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං එරට ප්‍රධාන ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණවල නිර්මාතෘවරයා ලෙසයි සලකනු ලබන්නේ. 1932 වසරේ සැප්තැම්බර් 26 වන දින නොබිදුණු ඉන්දියාවේ පන්ඡාබ් පළාතේ ඡලය සහ විදුලිය යන දෙකම නොමැති පාළු ගම්මානයක උපත ලැබූ සිං පන්ඡාබ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී කේම්බ්‍රිඡ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලබා ගැනීමට සමත් වුණා.

1991 දී ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙස මන්මෝහන් සිං දේශපාලනයේ ප්‍රසිද්ධියට පත් වූ අතර ඉන්දියාව බංකොළොත්භාවයට ඇද වැටෙමින් තිබියදී රට භාර ගැනීම ද විශේෂත්වයක් වනවා. මන්මෝහන් සිං රඡයේ ආර්ථික උපදේශකයෙකු ලෙස ද සේවය කළ අතර ඉන්දියාවේ මහ බැංකුවේ අධිපතිවරයා බවට ද පත්වුනා.

කෙසේවෙතත් මන්මෝහන් සිං ඉන්දියාව තුළ පෙර නොවූ විරූ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන් දියත් කළ අතර බදු කපා හැර ඉන්දීය රුපියල ද අවප්‍රමාණය කරනු ලැබුවා. එමෙන්ම, රාඡ්‍ය සමාගම් පෞද්ගලීකරණය කරමින් විදේශ ආයෝඡන ද දිරිමත් කළ ඔහු එමඟින් ආර්ථිකය පුනර්ඡීවණය කරමින් කර්මාන්ත ක්ෂේත්‍රය ඉහළ නැංවූවා. වර්ෂ 1999 දී ඉන්දියාවේ පහළ මන්ත්‍රණ සභාවට තේරීපත් වීම සඳහා මැතිවරණයට තරඟ කළත්, ඔහු ඉන් පරාඡය වුණා.

කෙසේවෙතත්, සිංට කොංග්‍රස් පක්ෂයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට එක් වීමට අවස්ථාව හිමි වූ අතර 2004 වසරේ දී නැවතත් ඔහු එලෙස දේශපාලනයට එක් වුණා. කොංග්‍රස් සභාපතිනී සෝනියා ගාන්ධිගේ ඉතාලි ඡාතික සම්භවය සම්බන්ධයෙන් ඇති වූ ගැටළු සහගත තත්වය හමුවේ මන්මෝහන් සිංට අග්‍රාමාත්‍ය ධූරයට පත් වීමට අවස්ථාව හිමි වූවා.

ඒ අනුව මන්මෝහන් සිං ඉන්දියාව පාලනය කළ දීර්ඝතම අගමැතිවරයෙකු වූ අතර ඔහු 2004 – 2014 කාලය දක්වා ධූර කාල 2 ක් අග්‍රාමාත්‍ය දූරය හොබවනු ලැබුවා. ඒ අනුව ඡවහර්ලාල් නේරුගෙන් පසුව පූර්ණ පළමු ධූර කාලයෙන් පසු නැවත තේරී පත් වූ පළමු ඉන්දීය නායකයා වූයේ මන්මෝහන් සිං මහතා යි.

රටේ ඉහළම තනතුර දැරූ පළමු සික් ඡාතිකයා බවට ද ඔහු පත් වුණා. සිංගේ පාලන සමය තුළ ඇමරිකානු න්‍යෂ්ටික තාක්ෂණයට ප්‍රවේශය ලබා ගැනීමේ සංධිස්ථානාත්මක ගිවිසුමකට අත්සන් කිරීම තුළින් ඉන්දියාව න්‍යෂ්ටික හුදකලාවෙන් පිටතට ගෙන යාම ඔහුගේ ධූර කාලය තුළ ලැබූ විශාලතම ඡයග්‍රහණය බව සඳහන්.

මන්මෝහන් සිං දියණියන් තිදෙනෙකුගේ පියෙකු ද වනවා. 92 හැවිරිදි ඉන්දීය හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්වය අයහපත් වීමෙන් පසු ඊයේ (26) දිල්ලි අගනුවර රෝහලකට ඇතුළත් කළ අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ඡිවන ගමනට සමු දුන්නා.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අභාවය සම්බන්ධයෙන් එරට රඡය දින 7 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර අවසන් කටයුතු රාඡ්‍ය ගෞරව සහිතව හෙට (28) සිදු කිරීමට නියමිත යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *