වේල්ලවීදිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම වේල්ලවීදීය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ දේශපාලනාධිකාරිය, රාඡ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන්. “කලින් මත්ද්‍රව්‍ය වැළැක්වීමට අදාළව ඕගොල්ලන්ට ලොකු බාධාවක් වෙන්න ඇති. අරයා නිදහස් කරන්න, මෙයා නිදහස් කරන්න, අරයා අත්අඩංගුවට ගන්න එපා, මෙයාව අත්අඩංගුවට ගන්න එපා කියන දේශපාලන කමාන්ඩ් එක එන්න ඇති.
හැබැයි ඒ දේශපාලන කමාන්ඩ් එක දැන් ඡනාධිපතිවරයාගේ ඉදලා පල්ලෙහාට නැති වෙලා තියෙන්නේ. ඒක හින්දා ඕගොල්ලන්ට නිදහසක් ඇති. දැන් විවිධ අය නිදහස් කරන්න කියලා අපෙන් දුරකථන ඇමතුම් ඕගොල්ලන්ට එන්නේ නෑ. ඒක හින්දා අපිට එක නිශ්චිත ප්‍රගතියක් අත්පත් කරලා දෙන්න. අපි දන්නවා සමස්ථ රටේ මත්ද්‍රව්‍ය පැමිණිම අඩු වෙලා තියෙනවා.
භාවිතාවේත් යම් සාපේක්ෂ අඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා මෙතන සියලුම් ස්ථානාධිපතිවරුන් ඉන්නවා. හැබැයි තමුන්නාන්සේලාට පුළුවන්කමක් නැත්තං මේ පොලිටිකල් බැරියර් එකක් නැති වෙලාවක මත්ද්‍රව්‍ය භාවිතාවන් සම්බන්ධයෙන් ඒ ප්‍රමාණය අඩු කරලා අපිට වර්තාවක් දෙන්න.. අපිටත් ඇස් මට්ටමටවත් පෙන්න ඕන. වාර්තාවල අඩු වෙලා වැඩක් නෑ.
එහෙමනම් ගැටළුව තියෙන්නේ රඡයේ නෙවෙයි ගැටළුව තියෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව අතේ. වාර්තාවක් අරගෙන එන්න කලින් තිබිච්ච තැන මෙතන.. දැන් තියෙන තැන මෙතන කියලා අභිමානයෙන් ප්‍රගතිය ගැන අපි ඉස්සරහ කියන්න.”
නීතිඥ සුනිල් වටගල – මහඡන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝඡ්‍ය අමාත්‍ය