මහා බැංකුව විසින් චක්‍ර ලේකනයක් නිකුත් කරලා තියෙනවා බැංකුවලට මේ කඩාගෙන වැටිච්ච කර්මාන්ත ටිකට මාස හයකට පොලිය අඩු කරනවා සියයට පනහයි . අවුරුද්දකට පොලිය මෙච්චරයි. මාස හැටකට සීයට විස්සයි මඤ්ඤං හැදිලනෙ මහා භාණ්ඩාගාරයේ අධිපතිතුමාට.
අධිපතිතුමා දැනගන්ඩ ඕනේ පිස්සෙක් නොවී අපි කියන්නේ මේ කඩාගෙන වැටිච්ච කර්මාන්ත ටික නගා සිටුවන්න යම් ක්‍රමවේද සකස් කරන්න කියලා. මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කරා බැංකුවට මෙන්න මේ ආකාරයට තමයි මේක කරන්න ඕනේ කියලා .
මොකක්ද එක්කො පොලිය සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ නැත්නම් මේ ණය ගනිපු එක දීර්ඝ කාලීන ණය ක්‍රමවේදයකට ගිහිල්ල මේක හරි ගස්වල දෙන්න ඕනෙ. අනිත් එක කිව්ව උසාවි ගිහින් තියෙනවනම් ඒවට විරුද්ධව ඇක්ෂන් ගන්ඩ එපා කියලා.
මේක හරි පැහැදිලියි අන්ධයකුට ගොළුවෙකුට බීරෙකුට නෙමෙයිනේ මේක කිව්වේ. මේක කිව්වේ මහා බැංකුවේ අධිපතිවරයාට . එතකොට මේගොල්ලොත් දැනගන්න ඕන මේක මේ පළවෙනිදන් ඉස්සෙල්ලා ක්‍රියාත්මක වෙන්න. ඔබතුමාලට කෝමා හැදුනට අපට කෝමා හැදිලා නෑ .
මහ බැංකුව අධිපතිවරයාට ද්විත්ව පුරවැසි බාවය තියෙන එක්කෙනෙක් . ආණ්ඩුව දන්නෙත් නැහැ අනිත් පැත්තෙන් නැගලා ඔස්ට්‍රේලියාවට යාවි . ඒ නිසා අනිත් මිනිස්සු අසරණ වේවි . ඒක නිසා ආණ්ඩුවත් නිතරේම කල්පනා කරන්න ඕන මෙයත් එක්ක යන්න බෑ කියලා.
මොකද අපිට බෑ පාරට බැහැලා අපේ මේ දේපල පරාටේ පනත යටතේ අත්පත් කරගන්න දෙන්න බෑ රුපියල් දාහට . ඒගොල්ලෝ යූ කේ වල ඔය ඕස්ට්‍රේලියාවල ගෙවල් ගත්ත විදී කොළඹ අතේ ගෙවල් ගත්තද අපෙන් අහගන්නවා මගේ සාක්කු දින ඔක්කොම . ශුද්ධ සිංහලෙන් කියන්නේ සෙල්ලම් කරන්න එන්න එපා .
සුසන්ත ලියනාරච්චි – මාධ්‍ය ලේකම් – ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය
මේ අතර මත්පැන් බලපත්‍ර ලාබී ව්‍යාපාරික සංසඳය පවසන්නේ ලබන වසර සඳහා තවමත් මත්පැන් බලපත්‍ර තුන්දහස් අටසීයක් පමණ අලූත් කිරීමට ඇති බවයි.
බාර් පර්මිට් තිබෙනවා 12000 ඉක්මවලා. බාර් එකක පස් දෙනෙක් වැඩ කරනවා කීවොත් එහෙම හැටදාහකට අධික රැකීරක්ෂා ප්‍රමාණයක් අපි ලබා දීලා තියෙනවා මේ සමාජයට. අප කර්මාන්තයේ නියැලෙන සියලුම දෙනා රජයටම සිය ආකාරයෙන් බදු මුදල් ගෙවන කොට්ඨාශයක් බව ඉතා වගකීමෙන් මම ප්‍රකාශ කරනවා.
2025 වර්ෂයේදී ලිකර් පර්මිට් පන්දහක් රිනිව් කරන්න තිබ්බා. ඒ රිනිව් කරන්න ඕන පන්දහෙන්එක්දාස් දෙසිය පමණයි රිනුකරල තියෙන්නේ. තව තුන්දාස් අටසියක විතර වැකුම් එකක් තියෙනවා. ඒක හොඳ නෑ මේක හොඳ නෑ මේක වැරදි අරූ හොරා මු හොරා කියන ක්‍රමවේදයෙන් පරිබාහිරව හොරා ළඟට අපි එන්න ඕන දෙයක්.
ඇයි ටැක්ස් ගෙවන්නැද්ද වහල දාන්න . මොකද ලිකර් පර්මිට් කරන මිනිස්සුන්ට කරගන්න බැරි කමන් නෑනේ අනිත් එක ලික බිස්නස් එක මං හිතන්නේ සියලු දෙනා ම කියනවා ප්රෝෆිට් කියල. වියාපාරය කරනවා ටැක්ස් ගෙවන්න මැලි වෙනවා
හර්ෂණ රුක්ෂාන් – මාධ්‍ය ප්‍රකාශක – මත්පැන් බලපත්‍රලාභී වියාපාරික සංසදය