පැනලා ගියා කියන මනූෂ අල්ලන්නේ නැද්ද? 

මනූෂ

හිටපු මනූෂ නානායක්කාර ඇමතිවරයා.. මේ වෙනකොට මනූෂ වංචා දූෂණ විශාල ප්‍රමාණයකට වගකිව යුතුයි. මනූෂ පැනලා ගියා කියනවා. ඔබතුමා මනූෂ අල්ලගන්නේ නැද්ද?

“ඇත්තටම දැන් සුදු ඇදගෙන හිටපු මහත්තුරු ගොඩක් කොයිවගේද කියන එක දැන් රටට තහවුරු වෙමින් තිබෙනවා. වංචනිකයෝ කොහේ පැනලා ගියත් අපි ඉදිරියේදි වර්තමාන ආන්ඩුව එම වංචනිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. මොකද ඒගොල්ලන්ට අගහරු ලෝකෙට යන්න බෑ. ඒගොල්ලෝ මේ ලෝකේ කොහේ හරි ඉන්න ඕන. ඉතිං ඒ පිළිබඳව ඉදිරියේ දී නීතී අංශ මගින් විධිමත් ලෙස ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරාවි. “

තව කවුරුහරි ඉන්නවද? මේ වෙනකොට ආරංචියක් යනවා ප්‍රධාන පෙළේ කෙනෙක් අත්අඩංගුවට ගන්න කතාවක්. එහෙම දෙයක් තියෙනවද?

“නෑ. ඇත්තටම මෙහෙමයි.. එකක් ආණ්ඩුවක් ලෙස අපි කටයුතු කරන්නේ හැමවිටම විධිමත් නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ඔස්සේ. ඒ නිසා අධිකරණ පද්ධති හරහා, ඒ වගේම ඊට අදාළ අනුසංගික අනිකුත් ආයතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන් අල්ලස් හා දූෂණ විමර්ෂන කොමිෂන් සභාව වෙන්න පුළුවන්, ඒ වගේම FCID එක වෙන්න පුළුවන් මේ ඕනම ආයතනයක්ම ඔවුන්ගේ නීතිමය සීමාව තුළ ඔවුන්ට කටයුතු කිරීමට බාධා කොකර නිදහසේ ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ඉඩකඩ හදලා තියෙනවා. ඒ ඔස්සේ ඉදිරියේදී ඔවුන් තීරණය කරාවි ඒ වගේම අධිකරණ පද්ධතිය ඔස්සේ ඔවුන්ට අදාළව ක්‍රියාමාර්ග ගනීවී.”

නමුත් මේ හොරු පැනලා ගියාට පස්සේ අල්ලන්න පුළුවන්ද? ඊට ඉස්සෙල්ලා පුළුවන්නේ වෙන්න.

“ඔව් ඉතිං හොරු පැනලා යන්න කලින් නතරකරන්න වෙන ක්‍රමවේදයක් නැ නේ. එයාර්පෝර්ට් එක රැකගෙන ඉදලා නතරකරන්න බෑ. අධිකරණ පද්ධතිය හරහා නීත්‍යානුකූලව තමයි ඔවුන්ට ක්‍රියාමාර්ග ගතයුතු වන්නේ. ඉතිං පැනලා යන හොරුත් ඉදිරියට ආපහු කැදවන්න අධිකරණ පද්ධතිය හරහා කටයුතු කරාවි.”

ඡනතාව විශාල වශයෙන් බලාපොරොත්තු වෙනවා මත්කුඩු, පාතාල ක්‍රියාකාරකම් අඩු වෙයි කියලා රටේ. ඒ පිළිබඳ අදාළ අංශ ක්‍රියාත්මක වෙන්නේ නෑ නේ. ඇයි හොයලා බලන්නේ නැත්තේ රඡයක් විදියට?

“ඇත්තටම මෙහෙමයි.. මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන් අනිකුත් අපරාධ සම්බන්ධයෙන් වෙන්න පුළුවන් අපේ රට මේ හැම දේකින්ම වෙලාගෙන තිබුනේ. පසුගිය කාලයක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ මේවා මේ සමාඡ දේහයේ උඩුදුවලා තියෙන්නේ. ඒවා ක්‍රමානුකූලව තමයි ඉවත් කරගත යුතු වන්නේ. අපේ ආරක්ෂක අංශත්, ඒ අදාළ අංශ විසින් පොලිසිය, මහඡන ආරක්ෂක අමාතයාංශය ක්‍රමානුකුලව ඒවට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. ඒකයි මං කිවුවේ සිියල්ල අපිට මේ වෙලාවේ කතා කරන්න බැරි වෙයි. හෙළිදරව් කරන්න බැරි වෙයි. කෙසේවෙතත් මත්ද්‍රව්‍ය වලින් තොර රටක් බවට පරිවර්තනය කරගන්නත්, අපරාධවලින් තොර රටක් බවට මේ රට පරිවර්තනය කරගන්නත් අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනිමින් තියෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *