පාසල් සිසුන් අතර නොසන්සුන්තාවක්.. STF කැඳවයි…

horana

ඊයේ (23) හදිසියේම හොරණ නගරයේ පිහිටි පාසල්වල දරුවන් දින කිහිපයක සිට ආරවුල් ඇති කරගැනීම හේතුවෙන් එම තත්වය පාලනය කිරීම සඳහා ඊයේ (23) හදිසියේම හොරණ බස් නැවතුම්පොළ වෙත විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය යොදවා තිබුණි. පාසල නිම වී නිල ඇදුමින් නගරය වෙත පිවිසෙන සිසුන් නගරය තුළ සිටින පාට ඇදුමින් සැරසි සිසුන් අතරට පැමිණ පහර දෙන බව කඩ හිමියන් පවසයි. පසුගිය 22 දා ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් වෙළදසැලක ඉදිරිපස වීදුරුවක් බිදී ගොස් ඇති අතර ඒ පිළිබඳව හොරණ මූලස්ථාන පොලීසියේ පැමිණිල්ලක් ද දමා ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *