පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයන් තුන් දෙනකු සේවයෙන් පහ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව පවසන්නේ අදියර කිහිපයක් යටතේ කළ විමර්ශන වලින් අනතුරුව අදාළ සේවකයන් සේවයෙන් පහකළ බවයි. 2021 සහ 2022 යන වසර වල පාර්ලිමේන්තුවේ සේවිකාවන්ට ලිංගික හිංසන වන බවට පුවත්පතක පළ වූ වාර්තාවකින් අනතුරුව එවක කතානායකවරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා. අදළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී විරවර්ධන මහත්මිය පත් කළ අතර අදාළ පරීක්ෂණ වාර්තාව පසුගියදා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණී රෝහණදීර මහත්මිය වෙත ලබා දී තිබෙනවා. පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ අදාළ වාර්තාව ප්රකාරවඅදාළ චූදිත නිලධාරින් සේවයෙන් පහකළ බවයි.
Related Posts
හරිනි අමරසූරිය ජාතිවාදී කල්ලි වලට දෙහි කපයි
පරාජයට පත් වූ ඇතැම් කණ්ඩායම් උත්සාහ කළොත් ජාතිවාදය මේ රට තුළ නැවත අවුස්සගෙන තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් ජාතිවාදය සහ ජනතාව…
කවදාවත් පරදින්නෑ කියපු ඇඩේන්ඩ පැරදුන සෙට් එක
එස් එම් චන්ද්රසේනතිස්ස කුට්ටි ආරච්චිපවිත්රා වන්නි ආරච්චිමනුෂ නානායක්කාරහරීන් ප්රනාන්දුශෂින්ද්ර රාජපක්ෂඩිල්ෂාන් තිලකරත්නජොන්ස්ටන් ප්රනාන්දුඅනුරයාපාරමේෂ් පතිරණකාංචන විජේසේකරසංජිව එදිරිමාන්නදුමින්ද දිසානායකනිපුණ රණවකචමරිවිජිතමුණි සොයිසාශාන්ත බණ්ඩාරරංජිත් සියඹලාපිටියදහම්…
ෆේස්බුක් වල බොරු දමන අයට වැඩ වරදී
මහ මැතිවරණ සමයේදී සමාජ මාධ්‍ය තුළ අසත්‍ය කරුණු ප්‍රචාරය කරන්නන් සෙවීමට කමිටුවක් පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි එම…