පාඨලී චම්පික රණවක බදු ඉවත් කර සහන දෙන හැටි

පාඨලී චම්පික රණවක

රජය රුපියල් 115 පමණ පෙට්‍රල් වලිනුත් රුපියල් අනූවක් පමණ ඩීසල් වලිනුත් බදු අය කරනවා. මෙන්න මේ බදු මුදලට අත තියලා නෑ. මේ ආණ්ඩුව අවිද්‍යාත්මක ගණන් හැදීමක් කරන්නේ. ඩීසල් මිල නංවනවා පෙට්‍රල් මිල අඩු කරනවා . ඇත්තටම රටේ ආර්ථිකය පුනර්ජීවනය කරන්න ඕන නම් ඩීසල් මිල අඩු කළ යුතුයි . පෙට්‍රල් වලට සාපේක්ෂව බව පාඨලී චම්පික රණවක පවසයි .

අපි වගකීමෙන් කියනවා මේ රුපියල් හැත්තෑ දෙකක බද්ධ හෝ වැට් බද්ධ අඩු කිරීම මගින් සහන ලබා දෙන්න පුළුවන්. පෙට්‍රල් වලට රුපියල් පනහක බද්ද සහ vat අඩු කිරීමෙන් ඩීසල් වලට සහනය දෙන්න පුළුවන්. සිනොපෙක් හෝ IOC යට කිසිම ගෙවීමක් කරන්න අවශ්‍ය වන්නේ නැති බවයි පාඨලී චම්පික රණවක ප්‍රකාශ කලේ .

එහෙම නැත්නම් ඇත්ත කියන්න. මේ සමාගම් වලට අපිට ගෙවන්න තිබෙන නිසා මේ බදු අඩු කළොත් අපට මේ ආණ්ඩුව ගෙනියන්න බෑ . ඒ නිසා අපි මේ බදු ගහනවා කියලා කියන්න. කියන්න ලැජ්ජ වෙන්න එපා මොකද ඡන්ද කාලේ බදු වලට තෙල් ගහනවද තෙල් වලට බදු ගහනවද කියලා විශාල මහජන උද්වේගයක් ඇති කරා.

අපි ආවට පස්සේ මේවා අඩු කරනවා කිව්වා. දැන් කම්පා වෙන්න එපා . මොකද දැන් කියන්න අපිට රට කර ගෙන යන්න ධනය ඕන. ධනය එන්නේ මේ බදු වලින් ඒ නිසා මිල අඩු කරන්න බෑ කියලා කියන්න. ඒක අපි පිළිගන්න ලෑස්තියි. ව්‍යාජ කරුණු පෙන්වලා මේක මගහරින්න එපා කියා පාඨලී චම්පික රණවක ඉල්ලයි .

ඒ වගේම දැන් මූල්‍ය හානියක් ලංකා විදුලි බල මණ්ඩලයේ නෑ. පසුගිය වසරේ කෝටි 6100 ක් ලාභ ලැබුවා . ලංකා විදුලි බලමණ්ඩලය. 2024 පළවෙනි මාස එකොළහේ ලාභය රුපියල් කෝටි 13000 . ආසන්න වශයෙන් රුපියල් කෝටි 26000ක්. විදුලි බල මණ්ඩලය සතුව තිබෙනවා.

කොටින්ම කිව්වොත් විදුලි පාරිභෝගිකයන් 75 ලක්ෂයෙන් රුපියල් 35000 ගානේ ලංකා විදුලි බල මණ්ඩලය සතුව තිබෙනවා.ඒක නිසා තව කල් දාන්න එපා.බොරු ඉලක්කම් පෙන්වන්න එපා.වහාම මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටිනවා කැඳවන්න ඒ පබ්ලික් කොන්වැන්ෂන් එක . අපි ඒකට එනවා.

ලංකා විදුලිබල මණ්ඩලයට අපි අභියෝග කරනවා. පුළුවන්නම් මේ ඉලක්කම් පිළිබඳව කතා කරන්න.අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා දැන් දින 50ක් ගෙවිලා ඉවරයි. තවත් පමා කරන්න එපා. කරුණාකරලා මේ විදුලි බිල අඩු කරන ලෙස පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවේ පවසා තුබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *