ප්‍රියා සූරියසේන ( Priya Sooriyasena ) අප අතරින් සමුගනී

ප්‍රියා සූරියසේන Priya Sooriyasena

1944 වසරේ ඔක්තෝම්බර් 27 වන දින ජේමිස් අප්පුහාමිට හා ඒ එන් පොඩි මැණිකේ දාව උපන් ප්‍රියා සූරියසේන ලියනගේ ( priya sooriyasena ) හතර දෙනෙකුගෙන් යුක්ත පවුලේ එකම පුත්‍රයායි. මාදම්පේ සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු රජයේ හිල්වුඩ් සංගීත විද්‍යාලයෙන් සංගීතය පිළිබදව වැඩිදුර අධ්‍යාපනය ලබා ගත්තා .

අනතුරුව අධ්‍යාපන කටයුතු නිමා කරමින් 1971 දී කැලණිය විශ්ව විද්‍යාලයේ සංගීත ආචාරවරයකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කල පියාසුරීයසේණයන් සිසුන් දහස් ගණනකට සංගීතයත් ජීවිතයත් කියා දුන්නා. කෙසේ වෙතත් සංගීතයට ඇති දැඩි ඇල්ම නිසාම ඔහු පසු කලෙක තීරණය කලේ ගුරු දිවියෙන් විශ්‍රාම ගෙන පූර්ණ කාලීන සංගීත වේදියෙකු ලෙසින් කටයුතු කිරීමටයි.

චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ” හරියනකොට ඔහොම තමයි ” චිත්‍රපටය හරහා සිනමා ගී ගායනයට පිවිසි ඔහු මල් කැකුළු , සිකුරු දසාව ආදී චිත්‍රපට සදහා ගීත ගායනයෙන් දායක වුනා එසේම ඔහු විසින් ගායනා කරන ලද ආදරණිය නේරංජනා , සුදු පරවී රෑන සේ , ඈත රන් විමන් දොරින් , ඇසුරින් මිදිලා ආදී ගීත මෙරට රසිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුනා.

වසර ගණනවක් මෙරට රසික හදවත් වලට සංගීත රසය හුරු කල ප්‍රියා සූරියසේන ( priya sooriyasena ) අද (24) පෙරවරුවේ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *