අධික වර්ෂාවත් සමඟ කුඹුරු විනාශයි

වර්ෂාවත්

පවතින අධික වර්ෂාවත් සමඟ පොළොන්නරුව පල්ලිය ගොඩෑල්ල සහ පඹුරාණ ප්‍රදේශයේ කුඹුරු අක්කර තුන්දහසක් පමණ ජලයෙන් යටව විනාශ වී තිබෙනවා. ඒ කවුඩුල්ල වැවේ වාන් දොරටු විවෘත කිරීමෙන් සහ මහවැලි ගඟ පිටාර ගැලීමෙනුයි.

එම නිසා පොළොන්නරුව ගොවීන් රජයෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා සාධාරණ වන්දි මුදලක් ලබා දෙන ලෙසයි. මේ අතර මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරු අක්කර 300කට අසන්න ප්‍රමාණයක් ජලයෙන් යටව විනාශ වී තිබෙනවා .

ඉන් වැඩිම හානිය සිදුවී ඇත්තේ ගිරාදුරුකෝට්ටේ හොබරියාව ප්‍රදේශවල පිහිටි වෙල්යායටයි. එහි කුඹුරු අක්කර පනහකින් හතළිහක්ම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. එම නිසා පීඩාවට පත්ව ඇති ගොවි ජනතාව තමන්ට කඩිනමින් සහන සලසන ලෙසයි රජයෙන් ඉල්ලා සිටින්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *