නලින්දගෙන් නාමල්ට අභියෝගයක්

sinhala news 24

“දූෂණවලට සම්බන්ධ අය ආණ්ඩුවලින් ඉවත් වුනයි කියලා ඒ විමර්ෂණ ක්‍රියාවලිය හෝ ඒ නඩු කටයුතු එහෙමම නිරුපද්‍රිතව තබලා ගිහින් තිබුනේ නෑ. ඒවට පුළුවන් තරම් බලපෑම් කරලා තිබුණා. ඒ ෆයිල් යට ගහලා තිබුනේ. ඒවා තමයි දැන් මේ ක්‍රියාත්මක වෙන්න පටන්ගෙන තියෙන්නේ. ඒකට කාලෙකුත් ගත වෙනවා. නීතී විරෝධිව හෝ සැක කටයුතු ලෙස ඉඩම් හෝ දේපළ මිලදී අරන් තියෙනවා නම්, සී.අයි.ඩී. පරීක්ෂණ ගියා නම්, ඒවා නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු පැවරීම් කරලා අත්අඩංගුවට ගැනීම් සිද්ධ වෙනවා. මං හිතන්නේ ඒක මහින්ද රාඡපක්ෂගේ පුතා වීම නිසා පමණක් නෙවෙයි දැන් රටේ තැන් තැන්වල මෙවැනි සැක කටයුතු ගනුදෙනුවලට අදාළව නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා. ඉතිං අපි බලමු මොකද වෙන්නේ කියලා. මේක දැන් අධිකරණමය කටයුත්තක් නේ.”

පොලිසියේ ක්‍රියාවලියේදී අනෙක් පැත්තෙන් වෙන්නේ පැය 24 ක් ඇතුළත ඇප ලැබෙනවා අධිකරණයේ කිසිදු පියවරක් නැතුවම..එතකොට ඒක සාධාරණිකරණය කිරීමක් වෙනවා මේක දේශපාලන පළිගැනීමක් කියලා. ඉතිං ආණ්ඩුවට තමයි ඇගිල්ල දික් වෙන්නේ.?

“ඇප ලැබේවි. නඩු කටයුතු ඉස්සරහට යනවා. වැදගත් දේ ඒකයි. පොලීසිය එක රැයින් වෙනස් වෙන්නේ නෑ. ඉතිං අපි ඒවට අදාළ කරන පහසුකම් හා පුහුණුවක් ලබාදිය යුතුයි පොලීසියේ කටයුතු සංවර්ධනය කිරීම සඳහා. ආණ්ඩුව කිසිසේත්ම චූදිතයන්ට බුරුලක් ලබාදෙන්නේ නැහැ.”

හිටපු ඡනාධිපති මහින්ද රාඡපක්ෂ මහතාට දීලා තිබුණ නිවසේ වර්තමාන තත්වය කොහොමද?

“ඒගොල්ලො හිතාමතාම ඡනතාව නොමග යවමින් ඉන්නවා මේ කණ්ඩායම්.. මේ ව්‍යවස්ථාවෙන් තමයි ඡනාධිපතිට නිවසක් අයිති කියලා. මං කැමතියි නීතීඥ නාමල් රාඡපක්ෂ සහ ඒ කණ්ඩායමේ අයට කියන්න ව්‍යවස්ථාවේ කවර වගන්තියෙන්ද හිටපු ඡනාධිපතිලට නිවසක් දෙන්න ඕන කියලා තියෙන්නේ කියලා.. ව්‍යවස්ථාවෙන්.. අපි දන්න ව්‍යවස්ථාවේ නම් එහෙම එකක් නෑ.”

දැන් ඔවුන් කියන්නේ තාම එල්.ටී.ටී. එක නැති වෙලා නෑ. එහෙම තර්ඡන තියෙනවා කියලා. එහෙම ආරක්ෂක ප්‍රශ්නයක් තියෙනවද කියන එකයි ඇත්ත ප්‍රශ්නේ එතන?

“රට පැත්තෙන් හොද නඩුවක් වේවි. මොකද රටේ ආරක්ෂක කවුන්සිලය නොදන්නා එල්.ටී.ටී. හෝ එවැනි සන්නද්ධ කණ්ඩායම් ඒකරාශි වීම්, නැගී සිටීම් සම්බන්ධ තොරතුරු මහින්ද රාඡපක්ෂ ඇතුළු කණ්ඩායම සතුව තිබෙනවා නම් ඒක අධිකරණය හරහා රටට එළිදරව් කිරීම තමයි හොද. එය රටේ ඡාතික ආරක්ෂාවට වැදගත්. මං දැක්කා කවුද කියනවා මේ ඩ්‍රෝන වලින් ගහන්නත් ඉන්නවා කියලා එතුමට. දැන් මේ 60 කියලා කියන්නේත් නිකන් නෙවෙයි. ආයුධ සන්නද්ධ කණ්ඩායමක්. සමහරවිට පොලීසියකවත් මෙච්චර නෑ. ඉතිං ඒක ලබා දීලා තියෙනවා. අපි බලමු අධිකරණය මොකද්ද ලබාදෙන තීන්දුව කියලා.”

වෛද්‍ය නලින්ද ඡයතිස්ස – සෞඛ්‍ය හා ඡනමාධ්‍ය අමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *