“මට පාපැදියක්වත් නැති මන්ත්‍රීවරයෙක්. මම ඡනතාවගෙන් ඉදිකට්ටක රුපියලක දෙයක් අරගෙන නෑ. මං තීන්දු කළා මින් ඉදිරියට මගේ දේශපාලනය මෙතනින් එහාට මම තිත තියනවා කියලා.. නවත්තනවා කියලා.
අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි සඡබේ ඇතුලේ තියෙන්නේ. අපි හිතුවේ නෑ මෙහෙමයි කියලා. ධනපාල කියලා කිවුවට එක රුපියලක්වත් අතේ නෑ නේ. සත්‍යපාල කියලා කිවුවට එයා කවදාවත් ඇත්ත කියන්නේ නෑ නේ. අහලා තියනව නේ.
ඒ වගේ තමයි සමඟි ඡන බලවේගය කිවුවට. මේකෙ කිසිම සමඟියක් නෑ. මේකේ ඇතුලේ තියෙන්නේ මහා ඒකාධිපති පාලනයක්. මේකේ තනතුරු තියෙනවා. ඒ තනතුරු තියෙන්නේ ස්ටේඡ් එකට විතරයි. වේදිකාවට විතරයි.
ඒ තනතුරුවලින් වැඩක් කෙරෙන්නේ නෑ. මේක පොළොවේ පැළ කරන්න සඡිත් මහත්තයා කවදාවත් ඉඩ දෙන්නේ නෑ. මේක පොළොවේ පැළ කරන්නනම්, හර්ෂ සිල්වා මැතිතුමා ඇතුළු හොදම ටීම් එක කණ්ඩායමක් විදියට මේකෙන් එළියට එන්න ඕන කියන එක තමයි මගේ මතය.”
ලලිත් එල්ලාවල – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී