තිස්ස අත්තනායක මහතා පුදුම කතාවක් කියයි

තිස්ස අත්තනායක

තිස්ස අත්තනායක මහතා මාධ්‍ය අමතමින් මෙලෙස පැවසුවා …

දේශපාලන තත්වය ගැන අපිත් විමසිල්ලෙන් ඉන්නේ. මොකද විශාල ජනමතයක් එක්ක විශාල බලයක් වත්මන් ආණ්ඩුවට ලබා දීලා තිබෙනවා. ඒ අය ඉස්සරහ ලොකු අභියෝග ගණනාවක් තිබෙනවා.

ඉතින් අපි බලාගෙන ඉන්නේ ඒවා ඉෂ්ට වෙන ආකාරය පිළිබඳව සහ පොරොන්දු ක්‍රියා කරන ආකාරය පිළිබඳව. ඉතින් අපි කැමතියි රටට යහපතක් සිදුවෙනවා නම්. නිවැරදි මාර්ගයක ආණ්ඩුව ගමන් කරනවාද නැද්ද කියලාවිරුද්ධ පක්ෂය හැටියට අපි විමසිලෙන් බලන් ඉන්නවා. දැනටත් මේ ආණ්ඩුවට ජනතාවගෙන් චෝදනා තිබෙනවා. මැතිවරණ වේදිකාව තුළ සුවිශේෂී තැනක් ගත්තනේ හොරකම දූෂණය නැති කරලා ජනතාවට සහන දෙනවා කියලා.

උදාහරණයක් ගත්තොත් තෙල් මිල ගැන ජනතා විමුක්ති පෙරමුණේ කතිකයන් බොහෝ විට කීවේ ඇමතිවරු හොරකම් කරනවා ඇමතිවරු හොරකම් කරන එක නතර කරලා තෙල් වරායට ගොඩ බාන මිලට ලබා දෙනවා කියලා. ඉතින් මහජනයා ඒක බලන් ඉන්නවා.

රුපියලකින් දෙකකින් තෙල් මිල අඩු කරපුවාම මහජනතාව හිතනවා කිව්ව දේවල් කරන්නේ නෑ කියලා. ඒකට තව කාලේ ඕනේ . ඒක නිසා අපි තව ටික දවසක් බලමු මොකක්ද වෙන්නේ කියලා බව තිස්ස අත්තනායක පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *