හිනිදුම මහාබෝධි වත්ත ප්‍රදේශයේ ලැගුම්හලක් තුළ දී ඊයේ රාත්‍රීයේ 11.15 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබුණා. යතුරු පැදියකින් දෙදෙනෙක් පැමිණ ඇති බවත්, ඉන් අයෙක් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවත් පොලිසිය පවසනවා. ලැගුම්හල තුළ පුද්ගයින් 5 දෙනෙක් මත්පැන් පානය කරමින් සිට ඇති අතර ඉන් තිදෙනෙකු වෙඩි ප්‍රහාරයෙන් එම ස්ථානයේදීම චිවිතක්ෂයට පත්ව තිබුණා. පොලිසිය පැවසුවේ අනෙක් දෙදෙනා එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි. ඡිවිතක්ෂයට පත්ව ඇත්තේ ලැගුම්හලේ හිමිකරු වන 55 හැවිරිදි ඉදුනිල් සමන් කුමාර, අම්බලන්ගොඩ පදංචි එම්. නෙවිල් හා හිනිදුම පදිංචි 34 හැවිරිදි චතුරංග යන අයෙක්. ඔවුන්ගෙන් අයෙක් පුද්ගලයන් විදෙස්ගත කරන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව පොලිසිය පවසනවා. ඒ සම්බන්ධ ආරවුලක් මත මෙම ඝාතණය සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. පොලීසිය පවසන්නේ ඝාතනයට ලක් වූ තිදෙනාට කිසිදු පාතාල සබඳතාවක්ද නොමැති බවයි. වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර සිද්ධිය පිළිබඳ විමර්ෂණ දකුණු පළාත භාර ඡේෂ්ඨ නියෝඡ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ අධීක්ෂණයෙන් සිදු කෙරෙනවා.
Related Posts
කාලගුණික තත්වය අහිතකර මට්ටමක
ඊයේ (28) දිනයේදි දිවයිනේ බොහෝ ප්‍රදේශවල නගරාශ්‍රිත ( කාලගුණික තත්වය ) වායු ගුණත්වය සෞඛ්‍යට අහිතකර මට්ටමක පවතින බව ඡාතික ගොඩනැගිලි…
සාගල කාරියවසම් මාලිමාව දෙවනත් කරයි
සාගල කාරියවසම් මහතා මෙලෙස අදහස් දැක්වීය … අනිවාර්යයෙන් ඔවුන්ගේ කෙනෙක් විශල කොමිස් මුදලක් ලබා ගන්නවා . එහෙම නැති නම් අනුර…
රාජ්‍ය සේවකයන්ට විශාල වැටුප් වැඩි වීමක්
ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සාකච්ඡාවක් ඊයේ (26) පැවැත් වුණා. එහිදී රාඡය…