නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කදානේ පිහිටි ත්‍රිපෝෂ සමාගමේ වත්මන් තත්ත්වය සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අදාළ නිලධාරීන් සමග සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. එහිදී අමාත්‍යවරයා පැවසුවේ පැවතිය රජයන් මෙම ත්‍රිපෝෂ සමාගම සංවර්ධනය කර එහි ප්රතිලාභ ජනතාවට ලබා දීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් එහි ප්රතිලාභ ජනතාවට අහිමි වෙමින් තිබූ බවයි .
ඒ අනුව එම තත්ත්වය වෙනස් කර නැවත මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපයන සක්‍රීය ආයතනයක් බවට ත්‍රිපෝෂ සමාගම පත් කිරීමට රාජ්‍ය කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. එමෙන්ම රටේ ජනතාවගේ උන්නතිය සහ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමටත් රජය සතු දියුණු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් එතුමා එහිදී පවසා සිටියා.
” පසුගිය ආණ්ඩුව තීන්දුවක් අරගෙනත් තිබුණත් ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්නට. එක පැත්තකින් රටේ අපේ දරුවන්ගේ ගැබිණි මාතාවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන ආයතනයක් . ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යංශයත් එක්ක තිබෙන නිසා මෙහි නිෂ්පාදනයන් පිළිබඳව විශාල වගකීමකුත් සෞඛ්‍ය අමාත්‍යංශය රජයට අයත් වෙනවා. ඒ නිසා මේ සමාගම ආරක්ෂා කර ගත යුතුයි සහ මේ සමාගම සංවර්ධනය කළ යුතුයි සහ පවත්වාගෙන යා යුතුයි.
මොකද මේ රටේ යම්කිසි ආකාරයකට මේ පෝෂණ ප්‍රශ්නයට මුහුණ දීමේ දී මේ පවතින තත්ත්වයන් ආරක්ෂා කරගෙන රජයට වගකියන්න පුළුවන් මෙවැනි ආයතනයක් ලැබීම වැදගත්. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේකත් එක්ක සංවර්ධන වැඩපිළිවෙළ කිහිපයක් දීයත් කරන්න. එකක් ත්‍රිපෝෂ සමාගමට බඩඉරිගු සහ සෝයා සපයන අපේ රටේ ගොවි නිෂ්පාදකයන් විවසායකයන් සංවිධානය කළ යුතුයි.
ඔවුන් යම්කිසි ආකාරයකුට සමූපකාරික ක්‍රමයකට හරි ඒකාබද්ධ කරගෙන ඔවුන්ගේ නිෂ්පාදනයන් ත්‍රිපෝෂ සමාගමට මිලදී ගන්නා අඛණ්ඩ ක්‍රමයක් සකස් කරන්න ඕන. දැන් මේ සැපයුම් දාමය බිඳ වැටිලා තිබෙන්නේ. අනිත් පැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත් වෙලා මේ නිෂ්පාදනයන් බෙදා හැරීමට යම් විධිමත් ක්‍රමවේදයක් සකස් කරන්න ඕනෑ
ඉතින් මේ ආදී කටයුතු සම්බන්ධයෙන් තමයි අපි අද අධ්යක්ෂ මණ්ඩයත් එක්ක සාකච්ඡා කලේ . ත්‍රිපෝෂ සමාගම ඈවර කරනවා වෙනුවට එය රටේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් රටේ ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවන් වෙනුවෙන් ඇත්තටම මේක ලාභ ලබන ආයතනයක් බවටද පත් කරලා තියෙන්නේ. තවත් ඉදිරියට ඒ කටයුතු ඉදරියට කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙන්නේ. එකත් එක්ක අපි හොඳ සංවර්ධන වැළපිල්ලක් යටතේ මේ ආයතනය දියුණු කරන්න රජය සතු ආයතනයක් ලෙස පවත්වාගෙන යන්න තව දුරටත් කටයුතු කරනවා . “