කූඨ ලේඛන ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේයැයි චෝදනා කරමින් හිටපු රාඡ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනා පත්‍රය අද කොළඹ මහාධිකරණය හමුවේ කියවනු ලැබුවා. ඉන් අනතුරුව එම චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළා. එහිදි විත්තිය වෙනුවෙන් පෙනි සිටි ඡනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා මූලික විරෝධතා මතු කරමින් මෙම නඩුවට පාදක වන ලියවිල්ල සකස් කර ඇත්තේ 2003 වසරේ බව සඳහන් කළා. එහෙත් ඊට අදාළව නඩු පවරනු ලැබුවේ 2024 වසරේ බව පෙන්වා දුන් ඡනාධිපති නීතීඥවරයා ඒ අනුව වසර 20ට වැඩි කාලයක් ගතවී ඇති හෙයින් අදාළ ලියවිල්ල සම්බන්ධයෙන් නඩු පැවරීමට නීතිමය හැකියාවක් නොමැති බව තර්ක කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සදහන් කළේ මෙම කරුණ නඩු විභාගයේ දී සලකා බලන බවයි. ඒ අනුව නඩුව මාර්තු මස 5 වැනිදා විභාගයට ගැනීමට විනිසුරුවරයා නියෝග කළා.
Related Posts
කොරියාව සදහා ඉදිරියේදී යවන්නේ මෙහෙමයි
කොරියාව සඳහා E9 සහ E7 කියන කාණ්ඩ දෙක යටතේ කොරියාව සඳහා අපේ රටේ තරුණ තරුණයන් යැවීම කරනවා. එය තවත් වැඩි…
අදායම රුපියල් බිලියන 200 ඉක්මවයි
මෙම වසරේ සුරාබදු දෙපාර්තුමේන්තුවේ ඉලක්ක ගත අදායම රුපියල් බිලියන 232 ක මුදල පසුගිය නොවැම්බර් 31 වන දා වන විට රැස්…
ඩුබායි ගිය මාධවී හෙළිකරන කඳුළු කතාව
බණ්ඩාරවෙල සාමචේතිය ගමේ පදිංචි 21 හැවිරිදි මාධවී විශ්වනාදන් නැමැති කාන්තාවක් ඩුබායි සිට මෙරටට ගෙන්වා ගැනීමට හැකි වී තිබෙනවා. අවුරුදු 3…