ජනපති අනුර හෙට ඉන්දියාවට

ජනපති අනුර හෙට ඉන්දියාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සදහා හෙට ඉන්දියාව බලා පිටත් වෙයි. ඉන්දීය මහකොමසාරිස් කාර්යලය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ජනධිපතිවරයාගේ මෙම සංචාරයේදී අනෝන්‍ය වශයෙන් වාසිදායක සබදතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂිතයි.

මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සමග ද්විපාර්ශවික සාකච්චා වල නිරත වීමට නියමිත අතර නවදිල්ලියේදී එම හමුව පැවැත්වේ. ජනාධිපතිවරයා ඊට අමතරව දෙරට අතර ආයෝජන සහ වාණිජ සමබධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දිල්ලියේ පැවැත්වෙන වියපර හමුවකට ද එක් වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *