ඕනෑම ඡාලයක් වෙත මසක කාලයක් ජංගම දුරකථන ඇමතුම් ලබා ගැනීමට සහ සමාඡ මාධ්‍ය වෙත නොමිලේ පිවිසිමට හැකි දිනකට ගිගා බයිට් එක බැගින් මසකට ගිගා බයිට් 30 ක ප්‍රමාණයක් ලබා දී තිබූ ජංගම දුරකථන පැකේඡවල මිල ඉහළ දමා ඇති බවට පාරිභොගිකයන් මැසිවිලි නගන බවට වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා. පාරිබෝගිකයෝ එතෙක් රුපියල් 988 ක මුදලක් ගෙවා සක්‍රීය කරගත් ජංගම දුරකථන පැකේඡය 2024.10.05 දා සිට ලබාගත නොහැකි බව එම පාරිභෝගිකයාට සේවා සපයන දුරකථන ජාලය දන්වා තිබෙනවා. ඒ වෙනුවට රුපියල් 1298 ක් වැය කර නව පැකේඡය සක්‍රීය කරගන්නා ලෙසට අදාළ සමාගම විසින් දැනුම් දී ඇති අතර පසුව නව පැකේඡයන් හදුන්වා දෙමින් දුරකථන සමාගම දන්වා ඇත්තේ එම පැකේඡය සඳහා අය කරන ගාස්තුව රුපියල් 1989 ක් බවයි. මෙම නව පැකේඡ ගාස්තු සම්බන්ධයෙන් බී.බී.සී. සිංහල වෙබ් අඩවිය එක්තරා දුරකථන සමාගමකින් විමසූ අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ ගිගා බයිට් 30 පැකේඡය ගිගා බයිට් 12 දක්වා අඩු කර ඇති බවයි. පසුගිය දෙසැම්බර් මස 1 දා සිට නව සබඳතා ලබාගත් පාරිභෝගිකයන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් දුරකථන සමාගම් ප්‍රකාශ කර ඇත.
Related Posts
ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් ප්‍රමාණය ඉහළට
ආර්ථිකයෙන් වැටුණු කාන්තාවො 40,000 ක් ගණිකා වෘත්තියේ යෙදෙනවා කියලා පුවත්පත් වල සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ සමස්ථ පවුල් සංඛ්‍යවෙන් 22% ක්…
පැනලා ගියා කියන මනූෂ අල්ලන්නේ නැද්ද?
හිටපු මනූෂ නානායක්කාර ඇමතිවරයා.. මේ වෙනකොට මනූෂ වංචා දූෂණ විශාල ප්‍රමාණයකට වගකිව යුතුයි. මනූෂ පැනලා ගියා කියනවා. ඔබතුමා මනූෂ අල්ලගන්නේ…
ඇමතිවරුන්ගේ නිල නිවාස විසි හතක් රජයට
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ හිටපු අමාත්‍යවරුන් භාවිතා කළා නිවාස විසි හතක් මේ වනවිට රජයට භාරදී ඇති බවටයි. මේ අතරින්…