ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවට ගියා සේම චීනය බලා යන බව වසන්ත සමරසිංහ පවසයි. ඔහු තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ රට චීනය සමග වේගයෙන් දියුණු වන රටක් බවට පත් කිරීම බවයි . ඔවුන් සමග අලුත් වැඩපිළිවෙලක් ජනවාරි මස ආරම්භ කරන බව ද පැවසීය.
ඔවුන් මුළු සමාජ පද්ධතියම පිරිසිදු කිරීමට සහය දෙන බවත් හොරකම , වංචාව , දූෂණය සහ නාස්තිය නැති කරන එකේ සිට සමාජෙම සුද්ධ කරන වැඩක් ආරම්භ කරන බව වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.