ඊයේ පස්වරුවේ අම්පාර නින්දවූර් මාවඩි පාළම අසලදී නින්දවූර් මද්රසා පාසලේ සිසුන් පිරිසක් ගං වතුර නිසා අනර්තුරට ලක් වුනා . දැඩි වර්ෂාව සමග හට ගත් අයහපත් කාලගුණය හේතුවෙන් පාසලට නිවාඩු ලබා දී තිබු අතර ඒ වන විටත් එම මාර්ගය වැසි ජලයෙන් යට වී පැවතියා.
ඒ නිසා සමන්තුරේ ප්රදේශයේ සිටි ළමුන්ට සිය නිවෙස් වෙත ගමන් කිරීමට නොහැකිව තිබුනා. එහිදී සිසුන් 11 දෙනෙකු ට්රැක්ටර් රථයකට ගොඩ වී ජලය පිරිණු මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී මාවඩි පාළම අසලදී රථය අනපේක්ෂිත ලෙස සැඩපහරට හසුව පෙරලී තිබුනා.
අනතුරුව ට්රැක්ටර් රථයේ සිටි ළමුන් 11 දෙනා රියදුරා සහ ළමුන් 11 දෙනා ගං වතුර නිසා ගසා ගෙන ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. කෙසේ වෙතත් ඉන් ළමුන් 5 දෙනෙකු දිවි බේරාගැනීමට සමත් වී තිබෙනවා.
සෙසු ළමුන් 7 , ට්රැක්ටර් රථයේ රියදුරු සහ සහායක වරයා ද අතුරුදහන් වුනා. ඉන් අනතුරුව සිදු කල සෝදිසි මෙහෙයුමේදී එක් ළමයකුගේ මෘත ශරීරයක් හමුවුනා.