කොරියාව සදහා ඉදිරියේදී යවන්නේ මෙහෙමයි

කොරියාව සදහා ඉදිරියේදී යවන්නේ මෙහෙමයි

කොරියාව සඳහා E9 සහ E7 කියන කාණ්ඩ දෙක යටතේ කොරියාව සඳහා අපේ රටේ තරුණ තරුණයන් යැවීම කරනවා. එය තවත් වැඩි කරගන්න අපි උත්සාහ දරමින් ඉන්නවා. දැනටත් විශාල ප්‍රමාණයක් කොරියාව සඳහා අපි යවන්න සැලසුම් කරල තියෙනව. මේ ප්‍රශ්නය නිසා ගොඩක් අය සල්ලි දීලා තියෙනවා සමහර ඒජන්සිස් වලට ලක්ෂ පහේ ඉඳල ලක්ෂ දහය දොළහ දක්වා සමහර අය සල්ලි දීල තියෙනව. ඒ අය ලොකු පීඩාවකට පත්වෙලා තියෙනවා. ඉතින් නීති විරෝධී කටයුත්තක ගොදුරු බවට පත්වෙලා තියෙන්නේ ඒ අය. ඒ නිසා තමයි මං කලින් සඳහන් කරේ ඒ පීඩාවට පත්වෙච්ච අයට යම් සහන ක්‍රමවේදයක් සකස් කරන්න අපි ඉදිරියේදී කටයුතු කරන්න සූදානම්. ඒ වගේම කොරියාව සඳහා යවන ප්‍රමාණය කොරියාව විතරක් නෙමෙයි විවිධ රටවලට අපේ රටේ තරුණ තරුණියන් රැකියා සඳහා යවන්න අපි අවස්ථා පුළුල් කරගන්න මැදිහත් වෙමින් ඉන්නවා .

හොර ඒජන්සිකරුවන් සදහා අරන් තිබෙන පියවර කුමක් ද?

දැනටමත් ඒ පිළිබඳව යම් යම් තොරතුරු ලැබිලා තියෙනවා. ලැබිච්ච තැන්වලට අදාළව මැදිහත්වීම් කරලා නිත්‍යානුකූල ක්‍රියාමාර්ග අරගෙනත් තියෙනවා. සමහර අය අත්අඩංගුවට අරන් තියෙනව. ඉතින් බොරුවට කොරියාව සඳහා යවනවා කියලා සල්ලි ගන්න ඒජන්සි වලට අහුවෙන්න එපා කියලා අපි මේ රටේ ජනතාවගේන් ඉල්ලා සිටිනවා. විවිධ අයගේ නම් පාවිච්චි කරලා සල්ලි ගන්න එකත් වාර්තා වෙනවා රට හැමතැනින්ම. එනිසා අපි ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා එවැනි ඒජන්සිකරුවන්ට අහුවෙන්න එපා. අහුවෙලා තමන්ගේ ධනය නාස්ති කරගන්න එපා. එවැනි තොරතුරු ලැබිච්ච තැන්වලදී අපි අනිවාර්යයෙන්ම නිත්‍යානුකුල මැදිහත්වීම් කරලා අදාළ ක්‍රියා මාර්ග ගන්නවා.

E8 VISA වල ඇත්ත නැත්ත විජිත හේරත් රටට හෙළි කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *