කඹුරුපිටිය ප්‍රදේශයේ 34 හැවිරිදි අවිවාහක ගුරුවරියක් අද අලුයම තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා. ඉඩම් අරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇති බවයි පොලීසිය පවසන්නේ. ඇයගේ නිවස තුලදී ඝාතනය සිදුව ඇති අතර නිවසේ මේසයක් මත තිබී ලේ තැවරුණු ලිපියක්ද පොලීසියට හමුව තිබෙනවා. එය ඇයගේ මව පොලීසිය වෙත ලියන ලදදක් බවටයි සැක පල කෙරෙන්නේ. එහි සදහන්ව තිබුණේ තමා සිය දියණිය ඝාතනය කළ බවයි. දියණියගෙන් තමාට කරදර සිදු වූ බවත් ඇය අධික තන්හාව මත දේපල ඉල්ලා වසර 14 ක් රණ්ඩු කළ බවත් එම ලිපියේ සදහන්. මවගේ ගෙල මිරිකීමට දියණිය පැමිණි නිසා ඇය ඝාතනය කළ බවද එම ලිපියේ දැක්වෙනවා. තමන් තම දියණියගේ පහරකෑමට ලක් වූ බවත් තව දුරටත් එය දරාගත නොහැකි බවත් එම ලිපියේ සදහන් වෙනවා. මේ අතර ඝාතනයට ලක් වූ දියණියගේ මව ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවෙන් ගෙන දිවි නසා ගැනීමට උත්සාහ කළ බවයි වාර්තා වන්නේ. ඇය මේ වනවිට කඹුරුපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Related Posts
යෝෂිත රාජපක්ෂ 27 දක්වා රිමාන්ඩ්
අපරාධපරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර…
සාධාරණය ඉල්ලා ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට ආ මව හැඬූ කදුළින් කියූ දේ
කොල්ලුපිටියේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක හත්වැනි මහලෙන් පැන විදේශකයෙකු සීයදිවි නසා ගැනීමේ පුවතක් පසුගිය හයවෙනිදා අපට වාර්තා වුණා. එම පුද්ගලයා…
කිරිබත් දෙන්න හදන මාලිමා මන්ත්‍රී
“ඕක දේශපාලන කුහකකම නේ. ඒ නිසා රටේ ඡනතාවට ඕන තරම් කිරිබත් කන්න තියනවා. ඔය විපක්ෂේ හඩ නගන මන්ත්‍රීවරුන්ට කියන්න කැමතී…