කංචන විජේසේකර මහතාව පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්රජාන්ත්රවාදී පෙරමුණ ලබා ගත් ආසන වල ජාතික ලැයිස්තුවට පත් කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වනවා .
නව ප්රජාන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සදහා දැඩි උණුසුම්කාරී වාතාවරණයක් මේ වන විට හට ගෙන තිබේ. ඒ පක්ෂයේ අවසරයකින් තොරව ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නම දැමීමත් සමගයි.
අද ඒ සම්බන්ධයෙන් කොළඹ පැවති විශේෂ හමුවේදී බහුතරයකගේ කැමැත්ත කංචන විජේසේකර මහතාට ලබා දීමට තීරණය කර තිබෙනවා. එම රැස්වීමට සහභාගී වූ හිටපු මන්ත්‍රීවරුන් මාධ්‍යට පැවසුවේ ඉතිරි ජාතික ලැයිස්තු අසුන එතුමාට දීමට වැඩි ඉඩකඩක් පවතින බවටයි.