“පේරාදෙණිය, නුවරඑළිය සහ ඡාතික ඇස් රෝහල ආශ්‍රිතව සිදු වී ඇති ඇස් අන්ධවීම් සහ මරණ ගණනාවක් වාර්තා වුණා ඖෂධ කිහිපයක් සම්බන්ධව පසුගිය කාලයේ. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය සම්බන්ධව මැදිහත් වෙච්ච ඒ ප්‍රශ්නගත ඖෂධ ගෙන්වපු ආයතනවලට ඒ ඖෂධය ගෙන්වීමෙන් ඇතිවෙච්ච ප්‍රශ්න ගැන, ඒ මරණ සහ ඇස් අන්ධවීම් ඇතුළු කාරණා සම්බන්ධව ඔවුන් අසාදු ලේකනගත කිරීම් ඒ වගේම ඔවුන්ට යම් දඩුවම් ක්‍රියාවලියකට ලක් කිරීමක්, ඒ වගේම ඒ ඖෂධය ගෙන්වන්න වැය වූ මුදල නැවත රඡයට ලබාදෙන එකක්.. එවැනි තත්වයක් ගොඩනගාගත යුතුව තිබෙනවා. මොකද මෙවැනි ආයතන තවදුරටත් මෙලෙස හැසිරීමේ ක්‍රියාවලිය නතර කරන්න ඕන. ඒ නිසා මේ ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධව ඒ මැදිහත් වෙච්ච ආයතනවලට අදාළ දඩුවම් ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමාගේ මැදිහත් වීම බලාපොරොත්තු වෙනවා.”
“ගරු මන්ත්‍රීතුමා, පහුගිය කාලයේ එහෙම තත්වයෙන් බාල ඖෂධ ආනයනය කරන ලද සමාගම් හදුනාගෙන තියෙනවා. ඒ ක්‍රියාවලිය සිදු වුණේ කොහොමද කියන එක ගැනයි දැන් අභ්‍යන්තර විමර්ෂණ සිදු කරමින් පවතින්නේ. විශේෂයෙන්ම නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්මයට භාඡනය කරන ලද රෝගීන් ගණනාවකගේ ඇස් අහිමිවීමේ තත්වයන් වාර්තා වුණා. සමහර කෙනෙක් පූර්ණ අන්ධභාවයට පත් වුණා. ඒ අය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් නම් කළා. ඒ කමිටු වාර්තාව ලැබුණා. එ් අනුව ඊයේ (6) අපි කැබිනට් මණ්ඩලය තින්දු කළා.. එකක් ඒ ආබාධිත තත්වයට පත්වෙන ලද..ඇත්තටම ආබාධිතභාවයට පත්කරන ලද රෝගීන් 17 දෙනෙකුට රඡය මඟින් වන්දි මුදල් ලබාදෙන්න. ඇත්තටම මෙවැනි ආකාරයේ වන්දි ප්‍රධානයක් මීට කලින් සිදුවෙලා තිබුන් නෑ. අපි දැන් ඒ වන්දි ක්‍රමයක් සකස් කරලා තියෙනවා. එපමණක් නෙවෙයි මේ ඖෂධය ගෙන්වීම සඳහා මූලික වෙච්ච අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් යොදවන්න කියලා තමයි කැබිනට් මණ්ඩලයේ තින්දුව බවට පත් වුණේ. ඒ නිසා අපි මේ එකින් එක විමර්ෂණය කරගෙන යනවා. මේවට අදාළ සියලුම අයට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනිම සඳහා අදාළ ආයතනවලට අපි යොමු කරනවා..”