ඕමාන් යවපු තරුණියන්ගෙන් එක් අයකු ජීවිතක්ෂයට

ඕමාන් යවපු තරුණියන්ගෙන් එක් අයකු ජීවිතක්ෂයට

හම්බන්තොට සිරිබෝපුර පදිංචිව සිටි 22 හැවිරිදි සහ 24 හැවිරිදි තරුණියන් දෙදෙනෙක් සංචාරක වීසා මත ඩුබායි රාඡ්‍යයට රැකියා සඳහා පිටත්ව තිබුණේ 2023 වසරේයි. ඩුබායි රාඡ්‍යයට බව පැවසුවත් ඔවුන් යවා තිබුණේ ඕමාන් වලටයි. එහිදී ඔවුන් දෙදෙනා බලහත්කාරයෙන් විවිධ ස්ථානවල වහල් සේවයේ යොදවා ඇතැයි වාර්තා වුණා. ඕමාන් ගිය එම තරුණියන් දෙදෙනාගෙන් අයෙක් ඡිවිතක්ෂයට පත්ව ඇති අතර ඇය ඝාතනය කර ඇතැයි ඥාතීන් චෝදනා කරනවා. පවුලේ ඥාතීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ ඡිවතුන් අතර සිටින තරුණිය හැකි ඉක්මනින් ඕමාන් සිට යළි මෙරටට ගෙන්වා දෙන ලෙසයි. සිදුවීම ගැන කළ විමර්ෂණවලින් පසු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂණ ඒකකය මගින් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනුණා. බලපත්‍ර නොමැතිව විදේශ රැකියා ඒඡන්සියක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා එල්ල වු ඔවුන් අතර සමෘද්ධි නියාමකවරයෙකු ද සිටිනවා. සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් එළඹෙන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *